හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද යළි කැඳවූවා.
කරන්නාගොඩ මහතා අද දිනයේද අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඔහුට සිතාසි ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය ලැජ්ජා විය යුතු බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී ප්‍රකාශ කළා. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළ මෙම නඩුව ලබන මස 20 වනදා යළි කැදවීමට නියමිතයි. නඩුවට අදාළ විමර්ශනවල මුල් ලේඛන ජනාධිපති කොමිසන් සභාව සහ රහස් පොලීසිය වෙත භාර දී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. නඩුව මාර්තු 20 වනදා යළි කැදවීමට නියමිතයි.
The post වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවයි appeared first on ITN News.

Post a Comment