කොරෝනා වයිරසය නැවත වරක් ශී ඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් මසක කාලයක් සඳහා ප්‍රංශය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ප්‍රංශය මෙලෙස වසා දැමුණේ තුන්වන වරටයි. එරට රෝහල්වල දැඩි සත්කාර ඒකක බොහෝමයක ඉඩ පහසුකම් අවම වීම වසා දැමීමට මූලික හේතුව වී තිබෙනවා. පෙරේදා දිනයේදී දැඩි සත්කාර ඒකක සදහා රෝගීන් 145 දෙනෙකු එකවර ඇතුලත්වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දැඩිසත්කාර ඒකක සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව පාසල් හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙළදසැල් වසා දැමෙනු ඇති. එමෙන්ම රාත්‍රී 07 00 සිට පසුදා උදෑසන 06 දක්වා ඇදිරි නීතිය ද ක්‍රියාත්මකයි.
The post ප්‍රංශය නැවත වරක් වසා දැමේ appeared first on ITN News.
Post a Comment