මහගස්තොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් 2021 තුන්වන වරටත් බලගන්වන්නට වෙනද වගේම එස් එල් ටී මොබිටෙල් මෙවරත් එක් වෙලා ඉන්නවා.
ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය උදෙසා නිරතුරුව කැපවී සිටින එස් එල් ටී මොබිටෙල් 87 වන වරට පැවැත්වෙන මහගස්තොට කදු තරණය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙනවා. අද සහ හෙට දෙදින තුළ නුවරඑළිය මහගස්තොට දී තරග පැවැත්වෙන අතර අද දිනය තුළ යතුරුපැදි සහ පැරණි මෝටර් රථ ධාවන තරග පැවැත්වෙනවා. අද දිනයේ යතුරු පැදි හා පැරණි මෝටර් රථ ධාවන තරග පැවැත්වුණා.
හෙට දිනය වෙන්කර ඇත්තේ මෝටර් රථ ධාවන තරග සදහායි. තරගාවලියේ නිල අනුග්‍රාහකත්වයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමේ අවස්ථාවට මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, සිලෝන් මෝටර් ස්පෝට් ක්ලබ් හි සභාපති නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගි වුණා.
The post “Mahagastotte Festival of Speed 2021” මෝටර් රථ ධාවන තරඟ හෙට (VIDEO) appeared first on ITN News.
Post a Comment