මේ වෙනවිට රටේ ප්‍රධානම මාතෘකාවක් බවට පත්වී තිබෙන්නේ වනාන්තර විනාශය. වනාන්තර විනාශය සමඟ ඇතැම් සමාජ මාධ්‍ය ඇතැම් අය චරිත බවට පත් කරන්නත් පෙළඹී තිබෙනවා.
මේ රැල්ලට රාජ්‍ය නිලධාරින්ද එක්වී සිටිනවා. අද පරිසරය ගැන කෑ මොර දෙන නිලධාරිනියන් යහපාලන ආණ්ඩුව කාලේ කළ කී දෑ මේ වෙනවිට හෙළිදරව් වෙමින් පවතිනවා. එසේ තිබියදී මේ අයව නිහඩ කරන්න ආණ්ඩුව ක්‍රියා කරන බවට විපක්ෂය චෝදනා කරනවා.
මේ අතර යහපාලන රජය සමයේ මීරිගම, බෝතලේ – දඹුගොල්ල හොරකැළේ වනාන්තරය විනාශ කළ ආකාරය දැන් හෙළිවී තිබෙනවා. ඇකේෂියා ශාකය ඉවත් කරන බව පවසමින් අක්කර 23 ක් පුරා පැවති මෙම වනාන්තරයේ වටිනා දැව එම කාලයේදී කපා ඉවත් කරගෙන තිබෙනවා.
රජයේ අවශ්‍යතාව මත ගස් කපන බවත් ඊට එරෙහි වන අයට දැඩි දඩුවම් විදීමට සිදුවන බවටත් ප්‍රකාශ කරමින් ගම්වාසීන් බියවද්දා මෙම ජාවාරම සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය එම ප්‍රදේශයේ කළ සංචාරයකදී හෙළිවුණා. ගහකොළ ගැන කිඹුල් කදුළු හෙළන ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් නිලධාරිනියන් අවස්ථා 3 කදී පැමිණ මෙම වනාන්තර විනාශය දැක බලාගෙන එය නොදැක්කා සේ ක්‍රියා කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
The post ගම්පහ දේවානිගේ ක්‍රියාකලාපය ගම්පහ කෝකිලා හෙළි කරයි (VIDEO) appeared first on ITN News.
Post a Comment