Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේසියාව ලොක්ඩවුන්  

Add comments

පැතිරයන කොවිඩ් වසංගතය හේතුවෙන් මැලේසියාව මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ජුනි මස 7 වනදා දක්වා මැලේසියාව මුළුමනින්ම වසා දැමෙනු ඇති.

මැලේසියා අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා. තවදුරටත් මැලේසියාව තුළ  ගැටලු මතුවීම වළක්වා ගැනීමට මෙම පියවර ගත් බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.

අද පෙරවරුව දක්වා ගතවූ පැය 24 තුළ මැලේසියාවෙන් කොරෝනා ආසාදිතයින් 3807 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. එමෙන්ම එම කාල සීමාවේ දී  මරණ සංඛ්‍යාව 17 ක් සිදුවුණා. මැලේසියාව තුළ සමස්ත කොවිඩ් ආසාදිතයින් හාරලක්ෂ හතලිස් හතර දහස් හාරසිය අසූහතර දෙනෙකු වාර්තා වන අතර මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 1700 ක්. මැලේසියාව තුළ කොවිඩ් වසංගතය පිළිබදවන නීතිරීති නිසිලෙස ක්‍රියාත්මක නොවීමෙන් ආසාදිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගොස් ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

The post මැලේසියාව ලොක්ඩවුන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG