Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයේ අවුරුදු 05-11ත් අතර දරුවන්ට කොරෝනා එන්නත් ලබාදීම ඇරඹෙයි  

Add comments

ඊශ්‍රායලයේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර දරුවන්ට කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඉහළ යන වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කිරීමටයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ යටතේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ නව හැවිරිදි පුත්‍රයාට ද වයිරසයට එරෙහි එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. ඊශ්‍රායලය මේ වනවිට සිව්වන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තියකට මුහුණ දී සිටිනවා. පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතුරෙන් බහුතරයක් කුඩා දරුවන් වීම ද ඔවුන්ට එන්නත් ලබාදීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ යටතේ වයස අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන් මිලියන 1.2 කට එන්නත් ලබාදීමට නියමිතයි. කොරෝනා වයිරසය ආසාදනය වූ ඊශ්‍රායල දරුවන් 3500 කට පමණ හෘද වස්තුව , වකුගඩු , පෙනහළු , මොළය හා සම ආශ්‍රිත රෝග හටගෙන ඇති බව වාර්තා වනවා.

 

 

The post ඊශ්‍රායලයේ අවුරුදු 05-11ත් අතර දරුවන්ට කොරෝනා එන්නත් ලබාදීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG