2022 වසරේ මැයි මාසයේ සිට විදෙස් සංචාරකයින්ට තම රටට ඇතුලු වීමට අවසර හිමි වන බව නවසීලන්ත රජය නිවේදනය කරනවා.
2020 වසරේ මාර්තු මාසයේ සිට විදෙස් සංචාරකයින්ට නවසීලන්තයට ඇතුල් වීම තහනම් කෙරුණා. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වුවද ඉදිරි මාස පහක කාලය තුළදී ද විදෙස් සංචාරකයින්ට නවසීලන්තයට ඇතුල්වීමට අවසර හිමි වන්නේ නැහැ. කෙසේ වුවද ඔස්ට්‍රේලියාවේ දැනට පදිංචිව සිටින නවසීලන්ත වැසියන්ට හා නවසීලන්තයේ පදිංචිකරුවන්ට ලබන වසරේ ජනවාරි 16 වන දින සිට එරටට ඇතුල් වීමට අවසර හිමි වනවා. එමෙන්ම අනෙකුත් රටවල වාසය කරන නවසීලන්ත වැසියන්ට හා නවසීලන්තයේ පදිංචිකරුවන්ට නවසීලන්තයට ඇතුලුවීමට අවසර හිමි වන්නේ පෙබරවාරි 13 වන දින සිටයි. ඔවුන් කිසිවෙකු නිරෝධායන කාලයක් ගත කිරීම අවශ්‍ය නොවන අතර කොරෝනා වයිරසය වැළදී නොමැති බවට හා එන්නත් දෙකම ලබා සිටින බවට තහවුරු කළ යුතු වනවා.
The post ලබන මැයි මාසයේ සිට විදෙස් සංචාරකයින්ට නවසීලන්තය විවෘත වෙයි appeared first on ITN News.
Post a Comment