කොරෝනා වයිරසය යළිත් වරක් ජර්මනිය තුළ ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වීමත් සමග එන්නත්කරණය වේගවත් කර තිබෙනවා.
ගතවු පැය 24 ට ජර්මනියෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් පන් දහසකට ආසන්න වනවා. එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 343 ක්. ඒ සමගම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියා. ඒ හේතුවෙන් මේ වනවිට ජර්මනියේ සියලු වැසියන්ගෙන් එන්නත් ලබා ගන්නා ලෙසයි රජය ඉල්ලා සිටින්නේ.
මේ අතර නෙදර්ලන්තයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එරට රෝහල් තුළ ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. අසාධ්‍ය රෝගීන් ප්‍රතිකාර සදහා ජර්මනිය වෙත පිටත් කර හැරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.
The post කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ජර්මනිය එන්නත්කරණය වේගවත් කරයි appeared first on ITN News.
Post a Comment