පන්නල මාකදුර නගරයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයන සිසු සිසුවියන් පිරිසක් පැවැත්වූ සුහද හමුවක් අතරතුරදී පිහිණුම් තටාකයක ගිලී සිසුවෙකු මිය ගොස් තිබෙනවා.
වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ උත්සව ශාලාවකයි මෙම සුහද හමුව පැවැත්වී ඇත්තේ. සදලංකාව ගලගෙදර ප්‍රදේශයේ පදිංචි දළුවත්තගේ මෙලන් අයේෂ් පෙරේරා නැමැති 14 හැවිරිදි සිසුවෙකු මරණයටපත් වුණා.
ඔහු සදලංකාව මධ්‍ය මහාවිද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බවයි පොලීසිය පැවසුවේ. දියේ ගිලුණු සිසුවා ලුණුවිල ප්‍රාථමික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු ඒ වන විටත් මිය ගොස් සිටියා.
The post සුහද හමුවක් අතරතුර පිහිණුම් තටාකයක ගිලී සිසුවෙකු මිය යයි appeared first on ITN News.
Post a Comment