ප්රවීන චිත්රකතා නිර්මාණ ශිල්පී සරත් බැද්දගේ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. බලංගොඩ සරත් මදූ නමින් හඳුන්වන ඔහු 70,80 දශකයේ තරුණ තරුණියන් අතර බෙහෙවින් ප්රසිද්ධ වූ ” ඉතින් ඊට පස්සේ” චිත්ර කතාව නිර්මාණය කළේද ඔහු විසින්. ලේකහවුස් ප්රකාශනයක් වන සතුට පුවත්පතේ පළ වූ මෙම චිත්ර කතාව පසුකලෙක ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ටෙලි සිත්තමක් ලෙස විකාශය වුණා. නිව්රෝ , යුනිකෝ, සිතුවම, දසුන, සෙන්රෝ, ඉස්සරට වඩා,ඉත්තෑවා, ඉසංකා,ආදරය තරමටම සහ ඉව වැනි චිත්ර කතා නිර්මාණය කළ ඒ මහතා වීර කතා සම්ප්රදායේ පුරෝගාමියෙකු ද වනවා. සතුට, සිත්තර වැනි පුවත්පත් සමඟ චිත්ර කතා නිර්මාණයේ නියැළුණු ඒ මහතා කලක් රෝගාතුරව සිටියා. මිය යන විට 69 වන වියේ පසු වූ ඒ මහතාගේ දේහය නාවින්න, පරණ පාරේ (ආයුර්වේදය අසළ) පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (20) සිදු කිරීමට නියමිතයි.
Post a Comment