ලබන වසර සංවර්ධිත වර්ෂයක් බවට පත්කර දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හම්බන්තොට මයිලදෙනිය වැව් තාවුල්ලේ දී පැවති උත්සවයකදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.
වැව් දහසක් ගම් දහසක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ 307 වන වැඩසටහන ලෙස ඉදිගැටවෙල , මයිලදෙණිය වැව ප්‍රතිසංස්කරණය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ හතලිස් අටක්. ඊට සමගාමීය ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද ආරම්භ කෙරුණා. ඒ අනුව ගෙවතුවගාව , විදුලිබල පහසුකම් ලබා දීම, මාර්ග පද්ධතිය සංවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. මෙම සියලු ව්‍යාපෘති සදහා රුපියල් ලක්ෂ 150ක් වෙන් කර තිබෙනවා.
Post a Comment