Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව අගමැතිට ජනපතිගෙන් සුභ පැතුම්  

Add comments

පකිස්ථානය  සාමය හා සමෘද්ධිය කරා ගෙන යාමට එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ඉම්රාන් ඛාන් මහතාට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කරන්නේ.

පකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට සිය පාලන කාලය තුළ රට සාමය, සමෘද්ධිය කරා ගෙන යාමටත් දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමටත් හැකි බව ජනාධිපතිතුමා නිවේදනයේ සදහන් කර තිබෙනවා. දෙරට අතර ඇති දිගු කාලීන මිතුදම තවදුරටත් වර්ධනය වනු ඇති. එමෙන්ම ද්විපාර්ෂිවික සහයෝගීතාව වර්ධනය කිරීමේ ඉඩ හසරද විවර වී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. එමෙන්ම සහයෝගීතාව වර්ධනය කරමින් පකිස්ථානය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG