පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට 22 වන අග්‍රමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දීමට නියමිතයි.
පසුගිය ජූලි මාසයේ පැවති මහමැතිවරණයෙන් ඉම්රාන් ඛාන් නියෝජනය කළ පී.ටී. අයි. පක්ෂය ආසන වැඩි සංඛ්‍යාවක් දිනාගැනීමත් සමගයි ඔහු එරට අග්‍රාමාත්‍ය ධූරයට හිමිකම් කියනු ලැබුවේ.
65 වන වියේ පසුවන ඉම්රාන් ඛාන්ට දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින පාකිස්ථානය නව රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට සිදු වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. නව අගමැති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව සිටින ඉම්රාන් ඛාන් නව පාකිස්ථානයක් ගොඩනගන බවට මේ වන විටත් ප්‍රතිඥා දී තිබෙනවා.
පාකිස්ථානයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වූ ඉම්රාන් ඛාන් 1992 වර්ෂයේ ලෝක කුසලානයද පාකිස්ථානයට දිනා දීමට සමත් වුණා.
Post a Comment