වත්මන් රජය පිරිසිදු අවංක ජනතා සේවයක නිරත වෙමින් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමන්මල්ගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
සූරියවැව වීරියගම ප්‍රදේශයේ ඉදිකෙරුණු සමන්මල්ගම උදාගම්මානය නිවාස 26 කින් සමන්විතයි. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 213 ක්. යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 108 වන උදාගම්මානය මෙයයි. විසිරි නිවාස ණය ප්රදානය ඇතුලු වැඩසටහන් කිහිපයක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා.
Post a Comment