බන්ධනාගාර නිළධාරීන් යටතේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දෑතට මාංචු දමා සිටියදීම පැනගොස් තිබෙනවා. ඒ පිළිබද අභ්‍යන්තර විමර්ශනයක් සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා අයිටීඑන් වෙත ප්‍රකාශ කළා.
අධිවේගී මාර්ගයේ කොතලාවල පිවිසුමේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලව්ව ප්‍රාදේශීය සභාවේ මෙම මන්ත්‍රීවරයා පැනගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ රැදී සිටියදීයි. මෙම පුද්ගලයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා. කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයේ රදවා සිටියදී පැනගොස් ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් මගින් පුලුල් ප්‍රචාරයක් ලබා දී තිබෙනවා.
අදාළ මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීප සබදතා පවත්වන බවට වාර්තාවන අතර රිමාන්ඩ් භාරයට පත්කරන ලද පළාත් සභා මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතාගේ අනුගාමිකයෙක්ද වනවා. රාජපක්ෂ පවුලේ සහෝදරයින් අතර වන විරසකයේ ප්‍රථිපලයක් ලෙස මෙම වෙබ් අඩවිය හරහා අදාළ ප්‍රවෘත්තියට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන බවටයි වාර්තා වන්නේ.
මෙම ප්‍රවෘත්තියෙන් රටට තවත් පැතිකඩක් හෙළිදරව් වනවා. මාර්ග නීති ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරින්ට පහරදීමෙන් පොදුජන පෙරමුණෙන් ප්‍රාදේශීය සභාවකට පත්වුණු මෙම මන්ත්‍රීවරයා ඔවුන්ට බලය ලැබුණු අවස්ථාවක හැසිරෙන්නේ කුමන ආකාරයෙන් ද යන්න මෙම ප්‍රවෘත්තියෙන් ප්‍රදර්ශනය වනවා.
Post a Comment