අලි මිනිස් ගැටුම විසදීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යෝජනාවලට කැබිනට් අනුමැතිය හිමිවුණා.
අලි මිනිස් ගැටුම මේ වන විට උග්‍ර ගැටලුවක්ව තිබෙනවා. ඒ හේතුවෙන් වසරකට මිනිස් ජීවිත 80ක් පමණ ද වනඅලින් 250ක් පමණ ද අහිමි වන බවයි වාර්තා පෙන්වා දෙන්නේ. දේපළ හා වගා හානි හේතුවෙන් රටට සිදුවන ආර්ථික පාඩුව අතිමහත්. ආහාර හා ජලය සොයා වනඅලින් ගම්මානවලට කඩා වැදීම හේතුවෙන් සිදුවන දේපළ හා ජීවිත හානිවලට අමතරව ආර්ථික, සමාජයීය හා දේශපාලනික ගැටලු රැසක් මතුව තිබෙනවා.
අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගත්තා. මේ යටතේ පවතින විදුලි වැට නවීකරණය කර නිසි පරිදි නඩත්තු කිරීම , නව විදුලි වැට ඉදිකිරීම , පීඩාකාරී වනඅලින් සඳහා රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීම , රක්‍ෂිත තුළ තෘණ භූමි ඇති කිරීම , වැව් ඉදිකිරීම ඇතුලු වාසස්ථානවල ගුණාත්මකභාවය වැඩි කිරීම , වනඅලින් ගමන් ගන්නා මාර්ගවල අවහිරතා ඉවත් කිරීම සිදුකෙරෙනු ඇති.
වසරක් තුළදී අලි මිනිස් ගැටලුවට විසඳුම් ලෙස නිම කිරීමට අපේක්‍ෂා කරන වැඩසටහන් රැසකටම කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන හාරදහස් නවසිය හැට තුනක් වැය වෙතැයි අපේක්‍ෂා කෙරෙනවා.
Post a Comment