ඇමෙරිකානුවන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ නම් ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවනවා.
ඉරානයේ අතිශයින් වැදගත් ස්ථාන 52ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. ඉරානයේ ප්‍රාණ ඇපයේ සිටින ඇමෙරිකානුවන් පනස් දෙදෙනා සංකේතවත් කරමින් මෙම ප්‍රහාර සිදු කරන බවයි එම පණිවිඩයේ සඳහන්ව තිබෙන්නේ. ඇමෙරිකාව ඉරාන හමුදා ප්‍රදානියා ඝාතනය කිරීමත් සමග රටවල් අතර මතභේදාත්මක තත්ත්වය උත්සන්න වුණා. මේ අතර හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට විරෝධය දක්වමින් ධවන මන්දිරය අවට ඇතුළු ස්ථාන රැසක විරෝධතා පැවැත්වෙනවා.
The post ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම් appeared first on ITN News.
Post a Comment