Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලි වසුරු හා මානා යොදා ගනිමින් කඩදාසි සකස් කිරීමේ ව්‍යාපෘතියක්  

Add comments

අලින්ගේ වසුරු හා මානා යොදා ගනිමින් කඩදාසි සකස් කිරීමේ ව්‍යාපෘතියක් ගැන කරුවලගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අලි මිනිස් ගැටුමට මැදිහත් වූ කරුවලගස්වැව ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම විශේෂත්වයක්. අලින්ගේ වසුරු හා එම සතුන් ආහාරයට ගන්නා මානා යොදා ගනිමින් ස්වභාවික ක්‍රමවේදයක් අනුව කඩදාසි නිර්මාණය සිදු කෙරෙනවා.

2012 වසරේ දී කරුවලගස්වැව ඒකාබද්ධ ග්‍රාමීය යෝජනා නමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය පසුගිය රජය සමයේ දැඩි ලෙස කඩාවැටීමට ලක් වුණා. කෙසේ වුවද මේ වන විට එය යහපත් අතට හැරෙමින් පවතිනවා. අමුද්‍රව්‍ය සොයා ගැනිම ගැටලුවක්ව පැවතියද මේ වන විට දෙදෙනෙකු අමුද්‍රව්‍ය සැපයීමට දෛනිකව ක්‍රියා කරනවා. මෙම ව්‍යාපෘතිය හරහා කාන්තාවන් කිහිප දෙනෙකුටම රැකියා අවස්ථා උදා වී තිබෙනවා.

 

The post අලි වසුරු හා මානා යොදා ගනිමින් කඩදාසි සකස් කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG