Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් නාවික හමුදාපති හමුවෙයි  

Add comments

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මෙනඩියු මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාපති සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් (Ian Cain) සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන මැට් කනිග්හැම් (Matt Cunningham) මහතාද සහභාගී වී සිටින ලදී.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් පැමිණ සිටි නියෝජිත පිරිස වෙත සමරු තිළිණ පිරිනැමීමක්ද සිදු කරන ලදී.

The post ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG