Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද  

0 comments

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට අදාළ අයදුම්පත නැවත සලකා බැලීම සඳහා පලස්තීනය ඉදිරිපත් කර තිබෙනවා.

එම අයදුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යවා ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර පසුගිය මාසයේ දී සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ජගත් ආරක්ෂක කවුන්සිලයේදී ඇමරිකාව නිෂේධ බලය භාවිතා කර එය වැළැක්වූවා.

සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත මහා මණ්ඩලයේ ඡන්ද විමසීම පලස්තීනයට සහයෝගය දැක්වීමේ ගෝලීය සමීක්ෂණයක් වනු ඇති.

පලස්තීනය දැනට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක් ලෙසයි කටයුතු කරන්නේ.

 

 

 

The post පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද appeared first on ITN News.

Read More »

ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව  

0 comments

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට අතර සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා.

චීනය සහ ඇමරිකාව අතර සංවාද ශක්තිමත් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය සභාපති Gita Gopinath කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(9) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළා.

ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අයුතු ලෙස යොදා ගැනීම සහ වෙනත් රටවල් සමඟ ඇති ආර්ථික සබඳතා කෘත්‍රිමව දුර්වල කිරීම මගින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව Lin Jian මහතා එහිදී පෙන්වා දුන්නා.

මෙය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථායීතාවය දැඩි ව අඩාල කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකරමින්, විවිධ ක්ෂේත්‍රවල චීන-ඇමරිකා සබඳතා වර්ධනය කිරීම සඳහා යහපත් පරිසරයක් නිසි අයුරින් නිර්මාණය කිරීමට ඇමරිකාව කැපවී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

The post ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ සිරකරුවන්ට එරට හමුදාවට එක්වීමට අවස්ථාව  

0 comments

සිරකරුවන්ට යුද සෙබළුන් ලෙස හමුදාවට එක්වීමට හැකිවන ආකාරයේ නව පනතක් සම්මත කිරීමට යුක්‍රේන පාර්ලිමේන්තුව කටයුතු කළා.

නව පනත අනුව යුක්‍රේනයේ සිරකරුවන්ට එරට යුද හමුදාවට එක්වීමට අවස්ථාව හිමිවනවා.

රුසියා ප්‍රහාරයන්ට මුහුණදීමට හා ඔවුන්ට ප්‍රහාරයන් එල්ල කිරීම ප්‍රමාණවත් තරම් සෙබළුන් සංඛ්‍යාවක් මේ වන විට යුක්‍රේන හමුදාවට නොමැති අතර එම පිරිස වැඩිකර ගැනීමේ අරමුණිනුයි මෙම පනත සම්මත කර ඇත්තේ.

රුසියා යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වු දිනයේ සිට යුක්‍රේනය ගත් අතිශය තීරණාත්මක තීන්දුවක් ලෙස මෙය හැදින්විය හැකි බව විශ්ලේෂකයින් පවසනවා.

එම පනත නීතියක් බවට පත්වීමට එරට පාර්ලිමේන්තුවේ සභාපතිවරයා හා ජනාධිපති සෙලෙන්ස්කි ඊට අත්සන් තැබිය යුතු වනවා.

The post යුක්‍රේනයේ සිරකරුවන්ට එරට හමුදාවට එක්වීමට අවස්ථාව appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනාධිපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා ප්‍රදේශය ආක්‍රමණය කළ හොත් ඔවුන්ට ලබාදෙන යුද ආධාර සීමා කිරීමට සිදුවන බව ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව සඳහන් කළේ සීඑන්එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.

රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කළ හොත් ඊශ්‍රායලයට ඇතැම් යුද උපකරණ ලබාදීම අත්හිටවන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදි අනතුරු අඟවා සිටියේ.

එහෙත් ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීමට තමා සහාය ලබාදෙන බව ද මෙහිදි ඔහු සඳහන් කළා.

ඇමෙරිකාවේ අනතුරු ඇඟවීම් හා දැඩි විරෝධය මධ්‍යයේ වුවද ඊශ්‍රායලය රෆා ප්‍රදේශය තුළ ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ සතු වන බව ද සඳහන්.

The post ඇමෙරිකා ජනාධිපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක් හානිවී ඇති බව හෙළි වෙයි  

0 comments

ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක්ම හානිවීමකට හෝ විනාශ වීමකට ලක්ව ඇති බව චන්ද්‍රිකා දත්ත අනාවරණය කරනවා.

හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ කළ දා සිට ගාසා තීරයේ ජල හා සනීපාරක්ෂක පහසුකම් සිය ගණනකට හානි වී හෝ විනාශ වී ඇති බව චන්ද්‍රිකා විශ්ලේෂණයකින් හෙළිව තිබෙනවා.

ප්‍රධාන සැපයුම් ගබඩාවලට සිදුවූ හානිය හේතුවෙන් අලුත්වැඩියා කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පිරිසිදු ජලය නොමැතිකම හා අපද්‍රව්‍ය ගලා යාම සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව සහන ආයතන පවසනවා.

අපජල පවිත්‍රාගාර හයෙන් හතරක්ම විනාශ වී තිබෙනවා.  ඉන්ධන හෝ සැපයුම් නොමැතිකම නිසා අනෙක් පවිත්‍රාගාර දෙකද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

 

The post ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක් හානිවී ඇති බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

පසුගිය වසර තුළදී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යයි  

0 comments

පසුගිය වසර තුළ දී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

පසුගිය වසර පුරා සෑම දිනකම සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි බීබීසී පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ.

කාලගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළයාම සිදුවුව ද එල්නිනෝ තත්ත්වය ඊට සෘජුව බලපා ඇති බව එම පුවත් සේවය සදහන් කරනවා.

සාගර ජීවින්ගේ පැවැත්මට ද සාගර උෂ්ණත්වය ඉහළ යාම සෘජුව බලපා ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ වසරේ මාර්තු මාසය වන විට සාගරය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 21යි දශම බින්දුවයි නවයක් පමණ වන බව බීබීසී පුවත් සේවය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

 

 

 

 

 

 

 

 

The post පසුගිය වසර තුළදී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යයි appeared first on ITN News.

Read More »

TikTok ඇමෙරිකාවට එරෙහිව නඩු පවරයි  

0 comments

ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට විරුද්ධව එම සමාගම ඇමෙරිකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ටික් ටොක් යෙදවුම අයත් චීන සමාගමෙන් පරිබාහිර වෙනත් පාර්ශවයකට ඇමෙරිකාව තුළ එම සමාගමේ අයිතිය ලබා දිය යුතු වනවා.

එසේ නොවුනහොත් එම යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් වන ආකාරයටයි ඔවුන් නීති සම්පාදනය කර ඇත්තේ.

කෙසේ වුව ද ජනතාවගේ භාෂනයේ නිදහස උල්ලංඝනය කිරීමට ඇමෙරිකා කටයුතු කර ඇති බව පවසමින් ඔවුන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ටික් ටොක් යෙදවුම තහනම් කිරීම සාධාරණ හේතු දැක්වීමට ද ඇමෙරිකාව සමත් වී නැති බවයි අදාළ සමාගම පෙන්වා දෙන්නේ.

The post TikTok ඇමෙරිකාවට එරෙහිව නඩු පවරයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG