Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගයක් ඇරඹෙයි  

0 comments

ඊශ්‍රායල හමුදා ගාසාහි රෆා ප්‍රදේශය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා.

ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් සිටින දකුණු ගාසා නගරයේ රෆාහි මිලිටරි මෙහෙයුම් නතර කරන්නැයි ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙස දකුණු අප්‍රිකාව ජගත් සංවිධානයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙකක නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා.

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගය ජන සංහාරයක් බවට චෝදනා කරමින් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලා සිටි 04 වන අවස්ථාව මෙයයි.

හේග්හි පිහිටි මෙම අධිකරණයේ නඩු විභාගය ආරම්භ  කර ඇත්තේ ගාසාවේ ජනතාවට ඉතිරිව තිබූ එකම සරණාගත ස්ථානයට එල්ල වූ ම්ලේච්ච ප්‍රහාරය මෙය බවට චෝදනා කරමිනුයි.

The post ඊශ්‍රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගයක් ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේදී ඊශ්‍රායල සොල්දුදාවන් 05 දෙනෙක් මියයයි  

0 comments

ගාසා තීරයේදී ඊශ්‍රායල සොල්දුදාවන් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

වැරදීමකින් එල්ල කෙරුණු ඊශ්‍රායල යුද ටැංකි ප්‍රහාරයකට ලක්ව මෙම සෙබලුන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හමාස් සටන්කරුවන් සමඟ උතුරු ගාසා තීරයේ සටන් පවතිනවා.

ඊයේ දිනයේදී යුද ටැංකි මගින් හඳුනාගත් ප්‍රදේශයකට ඊශ්‍රායල හමුදා ෂෙල්වෙඩි දෙකක් එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් මිය ගිය ගොස් ඇත්තේ ඊශ්‍රායල සෙබලුන් වන අතර ඔවුන් 05 දෙනාම පැරෂුට් සෙබලුන් වනවා.

ප්‍රහාරයෙන් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post ගාසා තීරයේදී ඊශ්‍රායල සොල්දුදාවන් 05 දෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

පුටින් චීනයේ සංචාරයක  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් චීනයේ අද විශේෂ සංචාරයක නිරත වනවා.

රුසියා ජනාධිතිවරයා අද සහ හෙට මෙසේ චීන නිල සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනය හා රුසියාව අතර සීමා නොමැති සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වනවා.

චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනයකට අනුවයි මෙම සංචාරය සිදුකෙරෙන්නේ.

රුසියා ජනාධිපතිවරයා 5 වන වරටත් ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව සිදුකෙරෙන පළමු විදෙස් සංචාරය ද මෙයයි.

මීට පෙර 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ඔහු චීනයේ සංචාරයක නිරතවුවා.

The post පුටින් චීනයේ සංචාරයක appeared first on ITN News.

Read More »

හමාස් සංවිධානයේ සාමාජිකයන් ගැන තුර්කි ජනපතිගෙන් ප්‍රකාශයක්  

0 comments

හමාස් සංවිධානයේ සාමාජිකයන් දහසකට අධික සංඛ්‍යාවක් තම රටේ රෝහල් තුල ප්‍රතිකාර ලබන බව තුර්කි ජනාධිපතිවරයා පවසනවා.

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් මේ බව සදහන් කළේ ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හදුන්වන්නේ නම් එය තුර්කිය කනස්සල්ලට පත් කරන කාරනාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

තමා හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස කිසි විටකත් නොසලකන බව ඔවුන් බලපෑමක් එල්ල කළ හැකි කණ්ඩායමක් ලෙස පමණක් සළකන බවත් තයිප් එර්දෝගන් තවදුරටත් මෙහිදී පවසා සිටියා.

කෙසේ වුවද පසුව තුර්කි බලධාරීන් සදහන් කර සිටියේ හමාස් සාමාජිකයින් තුර්කි රෝහල් තුළ ප්‍රතිකාර ලබන බව පැවසීම හරහා ජනාධිපතිවරයා කියා සිටියේ ලොව සියලු දෙනාට තම රට එකහා සමානව සළකන බවයි.

 

The post හමාස් සංවිධානයේ සාමාජිකයන් ගැන තුර්කි ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

හමාස් සාමාජිකයින් දහසකට අධික පිරිසක් තම රටේ ප්‍රතිකාර ලබන බව තුර්කි ජනපති කියයි  

0 comments

හමාස් සංවිධානයේ සාමාජිකයන් දහසකට අධික සංඛ්‍යාවක් තම රටේ රෝහල් තුල ප්‍රතිකාර ලබන බව තුර්කි ජනාධිපතිවරයා පවසනවා.

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් මේ බව සඳහන් කළේ ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හදුන්වන්නේ නම් එය තුර්කිය කනස්සල්ලට පත් කරන කාරනාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

තමා හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස කිසි විටකත් නොසලකන බව ඔවුන් බලපෑමක් එල්ල කළ හැකි කණ්ඩායමක් ලෙස පමණක් සළකන බවත් තයිප් එර්දෝගන් තවදුරටත් මෙහිදී පවසා සිටියා.

කෙසේ වුවද පසුව තුර්කි බලධාරීන් සඳහන් කර සිටියේ හමාස් සාමාජිකයින් තුර්කි රෝහල් තුළ ප්‍රතිකාර ලබන බව පැවසීම හරහා ජනාධිපතිවරයා කියා සිටියේ ලොව සියලු දෙනාට තම රට එකහා සමානව සළකන බවයි.

The post හමාස් සාමාජිකයින් දහසකට අධික පිරිසක් තම රටේ ප්‍රතිකාර ලබන බව තුර්කි ජනපති කියයි appeared first on ITN News.

Read More »

සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් රෆා අතහැර යයි  

0 comments

පසුගිය සතිය තුළදී පමණක් ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියන් හාරලක්ෂ පනස් දහසක් පමණ පලාගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

රෆා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ගොඩ බිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බැවින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය ජනතාවට දැනුම් දුන්නා.

ඊට ප්‍රතිචාරයක් ලෙසයි මෙම පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇත්තේ.

ඊශ්‍රායල යුද ටැංකි රෆා ප්‍රදේශයේ සීමාවන් අසලටම මේ වන විට පැමිණ සිටින අතර ඕනෑම මොහොතක එම ප්‍රදේශය ආක්‍රමණය කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර උතුරු ගාසා ප්‍රදේශයේ ලක්ෂයක පමණ පිරිසක් අවතැන්ව සිටින බවයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ.

ගාසා තීරයේ සමස්ථ ජනගහනය මිලියන 2.3 ක් පමණ වන අතර ඉන් හතරෙන් එකක පමණ පිරිසක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් අවතැන් භාවයට පත්ව සිටිනවා.

The post සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් රෆා අතහැර යයි appeared first on ITN News.

Read More »

සිංගප්පූරුවේ අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.

සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය වැඩිම කාලයක් හෙබවු පුද්ගලයා ලෙස ද ඔහු සැලකෙනවා.

ලී සියැන් ලූන්ග්ගේ පියා වන ලී කුවාන් යූ වසර 25ක කාලයක් සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවු අතර ඔහු නූතන සිංගප්පුරුව ගොඩනැගු පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය උප අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග් වෙත ප්‍රධානය කිරීම අද රාත්‍රියේ දී සිදුකිරීමට නියමිතයි.

1965 වසරේ දී නිදහස ලැබීමෙන් පසු මේ වන තෙක් එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත්තේ පුද්ගලයින් තුන් දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියලුදෙනා පී ඒ පී පක්ෂය නියෝජනය කළ අය වනවා.

The post සිංගප්පූරුවේ අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Read More »

ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ දහස් ගණනකට පීඩා  

0 comments

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසෙක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

අධික උෂ්ණ කාලගුණයත් සමග බටහිර කැනඩාවේ ස්ථාන රැසක ලැව්ගිනි ශීඝ්‍ර යෙන් පැතිර යන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ වනවිටත් අක්කර 25,000කට ආසන්න භූමි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයත් සමග වායු ගුණාත්මකභාවය ද ඉතා පහළ අගයකට පත්ව ඇති බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේ.

3,500ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර ලැව්ගිනි හටගෙන ඇති ප්‍ර දේශයන්හි සියලුම වැසියන් ඉවත් කරන බව ගිනි නිවන අංශ සදහන් කරනවා.

ඉවත් නොවී රැඳී සිටින පුද්ගලයින්ට කිසිදු හදිසි ආධාරයක් ලබා නොදෙන බවද ඔවුන් පවසනවා.

The post ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ දහස් ගණනකට පීඩා appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යය ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය  

0 comments

චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්, බ්‍රිතාන්‍යය ව්‍යාජ චෝදනා නිර්මාණය කරමින්, චීන පුරවැසියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ හොංකොං විශේෂ පරිපාලන රජයට චෝදනා කිරීම හෙළා දකී.

බ්‍රිතාන්‍ය පොලිසිය හොංකොං විශේෂ පරිපාලනයේ රහස් ඔත්තු ඒජන්සියට ආධාර සැපයූ බවට පවසමින් චීන පුරවැසියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව පසුගිය දා නඩු පවරා තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං හි කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝණය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් චීනය ‍දැඩි විරෝධය ප්‍රකාශ කරමිනුයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

The post බ්‍රිතාන්‍යය ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය appeared first on ITN News.

Read More »

මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14ක් මියයයි  

0 comments

ඉන්දියාවේ මුම්බායි නගරයේ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දැන්වීම් පුවරුව කඩාවැටීම හේතුවෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මුම්බායි නගරයට ඊයේ සවස 3ට පමණ බලපෑ දූවිලි කුණාටු තත්ත්වය සමග මෙම දැන්වීම් පුවරුව කඩාවැටීමට ලක්වන අයුරු මාධ්‍ය වාර්තා කළා.

මෙම දැන්වීම් පුවරුව මීටර් 70ක පළලින් හා මීටර් 50ක උසින් යුතු බවයි මුම්බායි පොලීසිය සදහන් කරන්නේ.

සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මුම්බායි නගරයට බලපෑ දූවිල කුණාටු තත්ත්වය හේතුවෙන් ගස් කඩාවැටීමත් සමග නගරයේ ප්‍රදේශ රැසකට විදුලිබලය ඇණහිට තිබෙනවා.

එමෙන්ම මුම්බායි ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා රැසක් ආපසු හරවා යැවීමට ද බලධාරීන් ඊයේ සන්ධ්‍යාවේ කටයුතු කළා.

 

 

 

 

The post මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14ක් මියයයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගාසි තීරයේ මධ්‍යම ප්‍රදේශයේ නුසෙයිරත් සරණාගත කඳවුරටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

මියගිය 14 දෙනා අතරට කුඩා දරුවන් ද අයත්වන බව ජගත් සංවිධානය සදහන් කරනවා.

සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම වහාම නවතා දමන ලෙසයි එම සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් මරණයට පත්වීම කණගාටුදායක තත්ත්වයක් ලෙස ජගත් සංවිධානය හදුන්වනවා.

මේ අතර ගාසා තීරයේ සේවයේ නිරත ජගත් සංවිධානයට අනියුක්ත විදෙස් ජාතිකයෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හෙළාදකින බවයි ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

රෆා ප්‍රදේශයේ සේවයේ නිරතව සිටියදී ඔහු ඝාතනයට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බව ජගත් සංවිධාන ප්‍රධානියා අවධාරණය කරනවා.

 

 

 

 

The post ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රුසියානු මහල් නිවාසකයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්  

0 comments

යුක්‍රේනය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් රුසියානු මහල් නිවාසකයකට හානි සිදුව තිබෙනවා.

මහල් 10කින් යුත් ගොඩනැගිල්ලකට ප්‍රහාරය එල්ල වූ අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල සිදුව ඇති බවයි රුසියා බලධාරීන් පවසන්නේ.

මෙම මහල් නිවාසය පිහිටා ඇත්තේ දේශසීමා ප්‍රදේශයක් වන බෙල්ගොරොද් හියි.

2022 වසරේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ සිට එම ප්‍රදේශය යුක්‍රේන හමුදා ඉලක්ක කර තිබුණා.

කෙසේ වෙතත් යුක්‍රේන නිලධාරීන් මීට පෙර පවසා තිබුණේ දේශසීමාවලට එල්ලවන ප්‍රහාර සිවිල් වැසියන් ඉලක්කර නොගන්නා බවයි.

 

 

The post රුසියානු මහල් නිවාසකයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඌරු වකුගඩුවක් බද්ධ කළ පුද්ගලයා මිය ගිහිං  

0 comments

ඌරෙකුගේ ජානමය වශයෙන් වෙනස් කරන ලද වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රික් ස්ලේමන් නම් පුද්ගලයා පසුගිය 2023 වසරේදී වකුගඩු රෝගය හඳුනා ගැනීමෙන් පසු මාර්තු මාසයේදී මැසචුසෙට්ස් රෝහලේදී හිදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්ව තිබුණා.

කෙසේවෙතත් ඔහුගේ මරණය වකුගඩු බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් මත සිදුවූවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි රෝහල අවධාරණය කර ඇත්තේ.

The post ඌරු වකුගඩුවක් බද්ධ කළ පුද්ගලයා මිය ගිහිං appeared first on ITN News.

Read More »

පුටින්ගේ දිගු කාලීන මිත්‍රයෙකු ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කරයි  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ දිගු කාලීන මිත්‍රයෙකු වන සර්ජි ෂොයිගු එරට ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා.

68 වන වියේ පසුවන සර්ජි ෂොයිගු 2012 වසරේ සිට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

රුසියා පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ ෂොයිගු මෙලෙස පත් කිරීමට රුසියාවේ නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලසෝ යෝජනා කර ඇති බවයි.

ෂොයිගු යුක්‍රේනය සහ රුසියාවේ අතර පවතින යුද්ධයේ දී දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළ  පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ.

 

 

 

 

 

 

 

The post පුටින්ගේ දිගු කාලීන මිත්‍රයෙකු ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කරයි appeared first on ITN News.

Read More »

29 වතාවක් එවරස්ට් නැග්ග නේපාල ජාතිකයා  

0 comments

ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පුද්ගලයා බවට නේපාල ජාතික  කමි රිටා ෂර්පා යළිත් පත්වුණා.

මීට පෙර 28 වතාවක් එවරස්ට් කන්ද තරණය කළ ඔහු 29 වන වරට ද යළි එම කන්ද තරණය කිරීමට එක්වුණා.

ඒ අනුව එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පුද්ගලයා ලෙස ඔහු තැබූ වාර්තාව යළි අලුත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කමි රිටා පළමු වරට එවරස්ට් කන්ද තරණය කළේ 1994 වසරේදීයි. එතැන් සිට සෑම වසරකම ඔහු එවරස්ට් කන්ද තරණයට එක්ව ඇති බවයි ගිනස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post 29 වතාවක් එවරස්ට් නැග්ග නේපාල ජාතිකයා appeared first on ITN News.

Read More »

රුසියාව ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කර ගනී  

0 comments

ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින්.

ප්‍රහාරයෙන් පසු ප්‍රෙදේශයේ ස්ථාන රැසක ගිනි ගැනීම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් යොදවා තිබෙනවා.

කෙසේ වෙතත් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මේ දක්වා ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

ප්‍රහාරයෙන් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

The post රුසියාව ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කර ගනී appeared first on ITN News.

Read More »

උතුරු ඇෆ්ගනිස්ථානයට ඇතිවූ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

උතුරු ඇෆ්ගනිස්ථානයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරෙන් පුද්ගලයින් 153 දෙනෙකු මියගොස් තිබෙනවා.

උතුරු ඇෆ්ගනිස්ථානයේ පළාත් තුනක තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 200කට ආසන්න විය හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන්නේ ගංවතුර හේතුවෙන් දරුණුතතම ලෙස බලපෑමට ලක්ව ඇත්තේ බග්ලාන් පළාතේ පුද්ගලයින් බවයි.

එම පළාතේ පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙන අතර නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවටයි ජගත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ.

පසුගිය සිකුරාදා සිට උතුරු ඇෆ්ගනිස්ථානයට ධාරානිපාත වැසි ඇදහැලෙමින් පවතිනවා.

 

 

 

The post උතුරු ඇෆ්ගනිස්ථානයට ඇතිවූ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

පලස්තීනයට සාමාජිකත්වය දෙන්න ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි  

0 comments

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළුව සාමාජිකයන් 143 කගේ ඡන්දය ලැබුණු අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 9 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළා.

එසේම තවත් සාමාජිකයන් 25 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

විපක්ෂව ඡන්දය භාවිත කළ සාමාජිකයන් අතර ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය නිසාවෙන් පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.

සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවන බව ප්‍රකාශ විය.

The post පලස්තීනයට සාමාජිකත්වය දෙන්න ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනාවක්  

0 comments

තම අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේදී ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇතැයි ඇමෙරිකාව චෝදනා කරනවා.

ගාසා තීරයේ පැවති යුද්ධයේ ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කරමින් ඊශ්‍රායලය ඇමරිකාව සපයන ලද අවි ආයුධ භාවිත කරන්නට ඇතැයි ඔවුන් චෝදනා කරනවා.

චෝදනා කළ ද එය තහවුරු කිරීමට තරම් සම්පූර්ණ තොරතුරු තමන් සතුව නොමැති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම චෝදනා ඇතුලත් වාර්තාව ඊයේ එරට කොන්ග්‍රසයට ඉදිරිපත් කරනු ලැබුවා.

ධවල මන්දිරය විසින් ඇමරිකාව ආයුධ සැපයූ රටවල් 6ක තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකසා තිබෙනවා.

එහි පසුගිය වසරේ ආරම්භයේ සිට මේ දක්වා තොරතුරු ඇතුලත් වනවා.

The post ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනාවක් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා  

0 comments

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ චෝදනා නගා ඇත්තේ, නව වාර්තාවක් නිකුත් කරමිනි. දිනෙන් දින ප්‍රමාද වීමෙන් පසු මෙම වාර්තාව අද  නිකුත් කෙරුණු බවයි  පැවැසෙන්නේ.

ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබා දෙන අවි ආයුධ යොදා ගනිමින්, ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය කඩ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිවයුතු යැයි එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

කෙසේ නමුත්, ගාසා තිරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටන ඊශ්‍රායල හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, ඇතැම් අවස්ථාවලදී ඔවුන් හමාස් සටන්කාමීන්ට පහර දීමට යොදාගත් උපක්‍රම සාධාරණීය කළ හැකි බව ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව පෙන්වා දී තිබෙනවා.

The post ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා appeared first on ITN News.

Read More »

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද  

0 comments

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට අදාළ අයදුම්පත නැවත සලකා බැලීම සඳහා පලස්තීනය ඉදිරිපත් කර තිබෙනවා.

එම අයදුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යවා ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර පසුගිය මාසයේ දී සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ජගත් ආරක්ෂක කවුන්සිලයේදී ඇමරිකාව නිෂේධ බලය භාවිතා කර එය වැළැක්වූවා.

සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත මහා මණ්ඩලයේ ඡන්ද විමසීම පලස්තීනයට සහයෝගය දැක්වීමේ ගෝලීය සමීක්ෂණයක් වනු ඇති.

පලස්තීනය දැනට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක් ලෙසයි කටයුතු කරන්නේ.

 

 

 

The post පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද appeared first on ITN News.

Read More »

ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව  

0 comments

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට අතර සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා.

චීනය සහ ඇමරිකාව අතර සංවාද ශක්තිමත් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය සභාපති Gita Gopinath කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(9) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළා.

ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අයුතු ලෙස යොදා ගැනීම සහ වෙනත් රටවල් සමඟ ඇති ආර්ථික සබඳතා කෘත්‍රිමව දුර්වල කිරීම මගින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව Lin Jian මහතා එහිදී පෙන්වා දුන්නා.

මෙය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථායීතාවය දැඩි ව අඩාල කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකරමින්, විවිධ ක්ෂේත්‍රවල චීන-ඇමරිකා සබඳතා වර්ධනය කිරීම සඳහා යහපත් පරිසරයක් නිසි අයුරින් නිර්මාණය කිරීමට ඇමරිකාව කැපවී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

The post ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ සිරකරුවන්ට එරට හමුදාවට එක්වීමට අවස්ථාව  

0 comments

සිරකරුවන්ට යුද සෙබළුන් ලෙස හමුදාවට එක්වීමට හැකිවන ආකාරයේ නව පනතක් සම්මත කිරීමට යුක්‍රේන පාර්ලිමේන්තුව කටයුතු කළා.

නව පනත අනුව යුක්‍රේනයේ සිරකරුවන්ට එරට යුද හමුදාවට එක්වීමට අවස්ථාව හිමිවනවා.

රුසියා ප්‍රහාරයන්ට මුහුණදීමට හා ඔවුන්ට ප්‍රහාරයන් එල්ල කිරීම ප්‍රමාණවත් තරම් සෙබළුන් සංඛ්‍යාවක් මේ වන විට යුක්‍රේන හමුදාවට නොමැති අතර එම පිරිස වැඩිකර ගැනීමේ අරමුණිනුයි මෙම පනත සම්මත කර ඇත්තේ.

රුසියා යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වු දිනයේ සිට යුක්‍රේනය ගත් අතිශය තීරණාත්මක තීන්දුවක් ලෙස මෙය හැදින්විය හැකි බව විශ්ලේෂකයින් පවසනවා.

එම පනත නීතියක් බවට පත්වීමට එරට පාර්ලිමේන්තුවේ සභාපතිවරයා හා ජනාධිපති සෙලෙන්ස්කි ඊට අත්සන් තැබිය යුතු වනවා.

The post යුක්‍රේනයේ සිරකරුවන්ට එරට හමුදාවට එක්වීමට අවස්ථාව appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනාධිපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා ප්‍රදේශය ආක්‍රමණය කළ හොත් ඔවුන්ට ලබාදෙන යුද ආධාර සීමා කිරීමට සිදුවන බව ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව සඳහන් කළේ සීඑන්එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.

රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කළ හොත් ඊශ්‍රායලයට ඇතැම් යුද උපකරණ ලබාදීම අත්හිටවන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදි අනතුරු අඟවා සිටියේ.

එහෙත් ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීමට තමා සහාය ලබාදෙන බව ද මෙහිදි ඔහු සඳහන් කළා.

ඇමෙරිකාවේ අනතුරු ඇඟවීම් හා දැඩි විරෝධය මධ්‍යයේ වුවද ඊශ්‍රායලය රෆා ප්‍රදේශය තුළ ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ සතු වන බව ද සඳහන්.

The post ඇමෙරිකා ජනාධිපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක් හානිවී ඇති බව හෙළි වෙයි  

0 comments

ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක්ම හානිවීමකට හෝ විනාශ වීමකට ලක්ව ඇති බව චන්ද්‍රිකා දත්ත අනාවරණය කරනවා.

හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ කළ දා සිට ගාසා තීරයේ ජල හා සනීපාරක්ෂක පහසුකම් සිය ගණනකට හානි වී හෝ විනාශ වී ඇති බව චන්ද්‍රිකා විශ්ලේෂණයකින් හෙළිව තිබෙනවා.

ප්‍රධාන සැපයුම් ගබඩාවලට සිදුවූ හානිය හේතුවෙන් අලුත්වැඩියා කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පිරිසිදු ජලය නොමැතිකම හා අපද්‍රව්‍ය ගලා යාම සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව සහන ආයතන පවසනවා.

අපජල පවිත්‍රාගාර හයෙන් හතරක්ම විනාශ වී තිබෙනවා.  ඉන්ධන හෝ සැපයුම් නොමැතිකම නිසා අනෙක් පවිත්‍රාගාර දෙකද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

 

The post ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක් හානිවී ඇති බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

පසුගිය වසර තුළදී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යයි  

0 comments

පසුගිය වසර තුළ දී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

පසුගිය වසර පුරා සෑම දිනකම සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි බීබීසී පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ.

කාලගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළයාම සිදුවුව ද එල්නිනෝ තත්ත්වය ඊට සෘජුව බලපා ඇති බව එම පුවත් සේවය සදහන් කරනවා.

සාගර ජීවින්ගේ පැවැත්මට ද සාගර උෂ්ණත්වය ඉහළ යාම සෘජුව බලපා ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ වසරේ මාර්තු මාසය වන විට සාගරය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 21යි දශම බින්දුවයි නවයක් පමණ වන බව බීබීසී පුවත් සේවය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

 

 

 

 

 

 

 

 

The post පසුගිය වසර තුළදී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යයි appeared first on ITN News.

Read More »

TikTok ඇමෙරිකාවට එරෙහිව නඩු පවරයි  

0 comments

ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට විරුද්ධව එම සමාගම ඇමෙරිකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ටික් ටොක් යෙදවුම අයත් චීන සමාගමෙන් පරිබාහිර වෙනත් පාර්ශවයකට ඇමෙරිකාව තුළ එම සමාගමේ අයිතිය ලබා දිය යුතු වනවා.

එසේ නොවුනහොත් එම යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් වන ආකාරයටයි ඔවුන් නීති සම්පාදනය කර ඇත්තේ.

කෙසේ වුව ද ජනතාවගේ භාෂනයේ නිදහස උල්ලංඝනය කිරීමට ඇමෙරිකා කටයුතු කර ඇති බව පවසමින් ඔවුන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ටික් ටොක් යෙදවුම තහනම් කිරීම සාධාරණ හේතු දැක්වීමට ද ඇමෙරිකාව සමත් වී නැති බවයි අදාළ සමාගම පෙන්වා දෙන්නේ.

The post TikTok ඇමෙරිකාවට එරෙහිව නඩු පවරයි appeared first on ITN News.

Read More »

දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්‍රායලයට කෙරෙන ඉල්ලීම් වැඩිවෙයි  

0 comments

ගාසා තීරයේ වසා දැමූ දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්‍රායලයට කෙරෙන ඉල්ලීම් වැඩි වී තිබෙනවා.

ඊශ්‍රායල හමුදා රෆා නගරය සම්පුර්ණයෙන් ආක්‍රමණය කිරීමේ අරමුණින් එහි ජනයාට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව බොහෝ පිරිසක් ඊයේ හා පෙරේද ඉවත්වනු දක්නට ලැබුණා.

රෆා හරස් මාර්ගය ඊශ්‍රායලය අල්ලා ගැනීමත් සමඟ දැනටමත් ආහාර හිඟ වීමට පටන්ගෙන ඇති අතර වෛද්‍ය සැපයුම් ද සිදු වන්නේ නැහැ.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානය එකඟ වූ සටන් විරාම යෝජනාවක් පිළිබඳ කතාබහ සිදු කලද එහි ඉල්ලීම්වලින් බොහෝ ප්‍රමාණයක් තමන් ඉල්ලන ප්‍රමානයට වඩා අඩු බවයි.

එහෙත් නියෝජිත පිරිසක් සාකච්චා සඳහා කයිරෝ වෙත ගිය බව ඔහු පවසනවා.

The post දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්‍රායලයට කෙරෙන ඉල්ලීම් වැඩිවෙයි appeared first on ITN News.

Read More »

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු පාකිස්තානයේ නිල සංචාරයක  

0 comments

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ නිල සංචාරයක නිරතවීමට සූදානම් වනවා.

මෙම මාසයේ අග භාගයේ දී සල්මාන් කුමරුගේ පාකිස්තාන සංචාරය සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඔහු සමග විශේෂ දූත පිරිසක් ද පාකිස්තානයට පැමිණීමට නියමිතයි.

සල්මාන් කුමරුගේ සංචාරයට සම්බන්ධ ක්‍රියාවලිය පිළිබද පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාෂ් ෂරීෆ්ගේ පෞද්ගලික නිරීක්ෂණයට ලක්ව ඇති බවද සදහන්.

එමෙන්ම සෞදි කුමරු පාකිස්තානයට පැමිණෙන දිනයක් නිවේදනය කර නොමැති අතර ඔහුගේ සංචාරය සිදුකරන තෙක් අග්‍රාමාත්‍යවරයා කිසිදු විදෙස් සංචාරයකට සහභාගි නොවන බවද දැනුම් දී තිබෙනවා.

සංචාරය අතරතුරදී ඇමෙරිකා ඩොලර් බිලියන පහක වටිනාකමින් යුත් ආයෝජනයන්ට දෙපාර්ශ්වය අත්සන් තැබීමට ද නියමිතයි.

 

 

 

The post සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු පාකිස්තානයේ නිල සංචාරයක appeared first on ITN News.

Read More »

හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවේ  

0 comments

ඊශ්‍රායලය සමග සටන් විරාම ගිවිසුමට එළඹීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාවන්ට තමන් එකඟතාවය පළ කරන බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡාවල මැදිහත් කරුවන් ලෙස කටයුතු කරන කටාර් හා ඊජිප්තු නියෝජිතයින්ට තම තීරණය දැනුම් දුන් බවයි හමාස් සංවිධානය පවසන්නේ.

නව සටන් විරාම එකඟතාවය අනුව ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර අත්හිටුවන අතර හමාස් සංවිධානය තමන් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් යළි ඊශ්‍රායලයට භාර දිය යුතු වනවා.

කෙසේ වුවද හමාස් සංවිධානය සටන් විරාම යෝජනාවන්ට එකගතාවය පළ කිරීම ඊශ්‍රායලයේ අවශ්‍යතාවයන් ඉටු නොකරන බවයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරන්නේ.

කෙසේ වුවද දෙපාර්ශ්වය අතර ස්ථිර එකඟතාවයකට එළඹීම සදහා සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනු ඇති.

හමාස් සංවිධානය තම තීරණය දැනුම් දීමත් සමග ගාසා වැසියන් තම සතුට ප්‍රකාශකරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

 

 

The post හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවේ appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්  

0 comments

ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා.

ඊශ්‍රායල යුද ටැංකි රෆා දේශසීමා වෙත සමීප වී ඇති බව වාර්තා වනවා.

මේ අතර රෆා වෙත එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් හමාස් නායක ඉස්මයිල් හනියේ පවසන්නේ කටාර් හා ඊජිප්තු මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද ගාසා සටන් විරාම යෝජනාව තම කණ්ඩායම පිළිගෙන ඇති බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ මෙම යෝජනාව ඊශ්‍රායලයේ ඉල්ලීම්වලට වඩා වෙනස් නමුත් ඊශ්‍රායල රජය කයිරෝ වෙත දූත පිරිසක් සාකච්ඡා සඳහා යවන බවයි. මෙම ප්‍රහාරවලට පෙර පලස්තීනුවන් දස දහස් ගනනකට ඉවත් වන ලෙස ඊශ්‍රායලය නියෝග කර තිබුණා.

 

 

 

 

 

 

 

The post ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

Read More »

බ්‍රසීලයේ ගංවතුරෙන් 75ක් මියයයි  

0 comments

බ්‍රසීලයේ දකුණු දිග රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් 75 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන්ව සිටිනවා.

පුද්ගලයන් 88,000කට වැඩි පිරිසක් අවතැන්ව බවද සඳහන්.

තවත් 103 දෙනෙකු අතුරුදන්ව ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසනවා.

වර්ෂාවෙන් විපතට පත්වූවන් 16,000 ක් පාසල්, ව්‍යායාම මධ්‍යස්ථාන හා වෙනත් තාවකාලික ස්ථාන වල රඳවා සිටිනවා. ප්‍රාන්තය පුරා නාය යෑම්, මාර්ග හා පාලම් කඩා වැටීම සිදුව තිබෙනවා.

 

 

 

 

The post බ්‍රසීලයේ ගංවතුරෙන් 75ක් මියයයි appeared first on ITN News.

Read More »

හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මරුට  

0 comments

පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු ජිවිතක්ෂයට  වුණා.

හමාස් සටන්කාමීන් ගාසා තීරය අසල කෙරම් ෂාලෝම් සිට එල්ල කළ රොකට් ප්‍රහාරයකින් මෙසේ මියගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඊශ්‍රායලය කෙරම් ෂාලෝම් හරහා ගාසා තීරයට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙනවා.

ඊශ්‍රායලය පැවසුවේ මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බවයි.

කෙරම් ෂාලෝම් හරස් මාර්ගය ගාසා තීරයට ආහාර හා වෛද්‍ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර ලබා ගැනීමට ඇති මාර්ග කිහිපයෙන් එකක්.

මේ අතර ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ගිවිසුමක් ඇති කර ගැනීම වෙනුවෙන් දෙකක් සාකච්ඡා පවත්වනු ලැබුවා.

 

The post හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

අප්‍රේල් මාසය තුළ පාකිස්තානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මියයයි  

0 comments

පාකිස්තානයට වැඩිම වර්ෂාපතනයක් ලැබුණු අප්‍රේල් මාසය ලෙස පසුගිය මාසය වාර්තා අතරට එක්වනවා.

මීට පෙර වැඩිම වර්ෂාපතනයක් වාර්තා වු අප්‍රේල් මාසය සටහන් වී ඇත්තේ 1961 වසරේ දීයි.

පසුගිය මාසයේ දී පාකිස්තානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ අතරින් 38 දෙනෙකු කුඩා දරුවන් වන අතර නිවාස 3500කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ද සදහන්.

සාමාන්‍ය මාසයක දී ඇද හැළෙන වර්ෂාපතනය මෙන් දෙගුණයක වර්ෂාපතනයක් පසුගිය මාසයේ දී එරටට ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මසක සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් දෙකයි දශම පහක් ලෙස සටහන් වන අතර පසුගිය මාසයේ දී එය දැක්වෙන්නේ මිලි මීටර් 59යි දශම 3ක් ලෙසයි.

 

 

 

The post අප්‍රේල් මාසය තුළ පාකිස්තානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට  

0 comments

ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයන් හි පැවැත්වෙන විරෝධතාවලට සහභාගී වු සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාලය සිසුන්ගේ විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල රැසක උපාධි ප්‍රදානෝත්සව අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

වර්ජිනියා විශ්වවිද්‍යාලයේ විරෝධතාවලට සහභාගි වු සිසුන් 25 දෙනෙකු පමණ ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් බව ද සදහන්.

විරෝධතා අවසන් කිරීමට දින ලබාදීමත් සමග එම විරෝධතා මේ වන විට ප්‍රචන්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය යෙදවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

 

 

 

 

The post ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා තවදුරටත්  

0 comments

හමාස් සංවිධානය භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර දෙන මෙන් ඊශ්‍රායල රජයට බල කරමින් පැවැත්වෙන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට එළඹෙන ලෙස ඊයේ පැවති විරෝධතාවන්හිදී ඔවුන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට බල කර සිටියා.

ටෙල් අවිව් අගනුවර පැවති විරෝධතා සඳහන් දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රාණ ඇපකරුවන් 130 දෙනෙකු පමණ තවමත් හමාස් භාරයේ පසුවනවා.

ඊශ්‍රායලය ඉදිරිපත් කළ නව සටන් විරාම යෝජනා සම්බන්ධයෙන් හමාස් නියෝජිතයින් ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

The post ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා තවදුරටත් appeared first on ITN News.

Read More »

ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වෙයි  

0 comments

ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වුණා.

පසුගිය සතියේ එංගලන්තයේ ප්‍රාන්ත මැතිවරණ පැවති අතර සාදික් කාන් 2016 වසරේදී ලැබූ ජයග්‍රහණයට සමාජ ජයග්‍රහණයක් මෙවර ද ලබාගැනීම විශේෂත්වයක්.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා තරග වැදුනු සාදික් කාන් 43.8%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර කන්සවේටිව් පක්ෂය නියෝජනය කළ ඔහුගේ ප්‍රතිවාදී සුසාන් හෝල්ට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ 32.7%ක් ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත සාධාරණ හා හරිත ලන්ඩන් නුවරක් නිර්මාණය කිරීමට තමා කැපවන බවයි.

The post ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වෙයි appeared first on ITN News.

Read More »

මධ්‍යම පිලිපීනයට භූ කම්පනයක්  

0 comments

මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක  ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ  පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවය.

පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ ඊයේ (03)  පස්වරු 6.16 ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවය.

එම පසුකම්පන ලයිට් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා

The post මධ්‍යම පිලිපීනයට භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

කැනඩාවේ සීක් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට  

0 comments

කැනඩාවේ සික් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙනවා.

ඉන්දියාව හා කැනඩාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කළ කැනඩාවේ සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කර තිබෙනවා.

45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී වැන්කුවර් උපනගරයේ රථගාලකදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දීය රජය ඊට සම්බන්ධ වන්නට ඇතැයි චෝදනා කිරීමත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුම උත්සන්න වුණා.

දිල්ලිය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළා.

The post කැනඩාවේ සීක් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

චන්ද්‍ර ගවේෂණයට චීනයෙන් ඓතිහාසික පියවරක්  

0 comments

චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ  සාම්පල  ලබා ගැනීම සඳහා චීනය Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කළා.

මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ මෙවැනි දියත් කිරීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Chang’e-6 අභ්‍යවකාශ යානය රැගත් Long March-5 රොකට්ටුව චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි දූපත් පළාතක් වන හයිනාන් වෙරළෙහි Wenchang අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධස්ථානයේ සිට පස්වරු 5:27 ට පමණ ගුවන් ගත කෙරිණ.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව (CNSA) ආසන්න වශයෙන් මිනිත්තු 37 කට පමණ පසු මෙම යානය රොකට්ටුවෙන් වෙන්ව සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී තිබෙනවා.

චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ සාම්පල එකතු කිරීම සහ ආපසු රැගෙන ඒම ‍ඓතිහාසික ජයග්‍රහණයකි.

මේ වනවිට අදාළ ප්‍රදේශය පිළිබඳ ඉතා අල්ප දත්ත ප්‍රමාණයක් පවතින බවත්, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, ඉන් විද්‍යාඥයින්ට වඩා ඵලදායී නිගමන ලබා ගැනීමේ අවකාශය පවතින බවත් චීන ඉංජිනේරු ඇකඩමියේ විද්‍යාඥයෙකු සහ චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන Wu Weiren මහතා පැවසීය.

එමෙන්ම එය සඳෙහි දුරස්ථ ප්‍රදේශයේ පරිසරය සහ ද්‍රව්‍යමය සංයුතිය අවබෝධ කර ගැනීමට ද ඉවහල් වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

The post චන්ද්‍ර ගවේෂණයට චීනයෙන් ඓතිහාසික පියවරක් appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණයෙන් දෙවන වරටත් අරාබියට බලපෑම්  

0 comments

සති කිහිපයකට පසු දෙවන වරටත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අධික වර්ෂාපතනය හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. පාසල් හා කාර්යාල ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

රජය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල්වල කාර්යයන් ද මාර්ග ගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යන ලෙස රජය උපදෙස් ලබාදී තිබෙනවා.

වසරේ මෙම කාලයේ දී මේතරම් අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ. මීට සති කිහිපයකට පෙර දී එරටට බලපැ අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්වු අතර දේපළ හානි රැසක් සිදුවුණා.

 

 

 

 

 

 

 

The post අයහපත් කාලගුණයෙන් දෙවන වරටත් අරාබියට බලපෑම් appeared first on ITN News.

Read More »

බ්‍රසීලයේ ජලාශයක වේල්ලක් බිදී යාමෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

බ්‍රසීලයේ ජලාශයක වේල්ලක් බිදී යාම හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ විදුලිබලාගාරයකට අයත් ජලාශයක වේල්ලකුයි මෙලෙස බිදී යාමට ලක්ව ඇත්තේ.

අනතුරෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ අතුරුදන් බව වාර්තා වනවා.

පසුගිය දින කිහිපය පුරා දකුණු දිග බ්‍රසීලයට ඇද හැළෙන අධකි වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් ද හටගත් අතර ජලාශ රැසක් පිටාර ගලා තිබෙනවා.

15000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ලක්ෂ 5ක පමණ පිරිසකට පිරිසිදු පානීය ජලය හෝ විදුලිබලය නොමැති බව ද බ්‍රසීල වාර්තා සදහන් කරනවා.

 

 

 

 

 

 

 

 

The post බ්‍රසීලයේ ජලාශයක වේල්ලක් බිදී යාමෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බොරිස් ජෝන්සන් ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යවයි  

0 comments

එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන් සිය හැඳුනුම්පත අමතකවීම නිසා ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද ඔහුගේ රජයෙන් වීම විශේෂත්වයක්.

එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පිළිගත හැකි ඡායා රූපයක් සහිත හැදුනුම්පතක් රැගෙන ඒමට අමතකවීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත්තේ දකුණු ඔක්ස්ෆර්ඩ් හි ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානයකිනුයි.

පසුව ඔහු යළි නිවසට ගොස්  හැදුනුම්පත රැගෙන ආපසු පැමිණ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡායාරූපය සහිත හැදුනුම්පත අනිවාර්ය වන බවට 2022 වසරේ දී බොරිස් ජෝන්සන් රජය නව නීති එංගලන්තයට හදුන්වාදීමත් සමඟ පසුගිය වසරේ පළාත් පාලන ඡන්දයේ දී හැදුනුම්පත පෙන්වීමට නොහැකිවීමෙන් 14000කට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබෙනවා.

හිටපු අගමැති බොරිස් ජෝන්සන් හැදුනුම්පත නොමැතිවීමෙන් ඡන්ද මධ්‍යස්ථානයෙන් හරවා යැවීම ගැන ඔහුගේ ප්‍රකාශකවරයා බීබීසී ගුවන් විදුලියට පවසා ඇත්තේ අගමැතිවරයා හොදින් හඳුනන පුද්ගලයෙකු බැවින් ආපසු හරවා යැවීම ගැන තමන් පුදුමයට පත්වු බවයි.

The post බොරිස් ජෝන්සන් ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යවයි appeared first on ITN News.

Read More »

තුර්කිය ඊශ්‍රායලය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවයි  

0 comments

ගාසා තීරයේ මානුෂිය ඛේදවාචකය හේතුවෙන් තුර්කිය ඊශ්‍රායලය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවා තිබෙනවා.

තුර්කිය පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩ සහ ප්‍රමාණවත් ආධාර ලැබීමට ඉඩ ලබාදෙන තෙක් ඔවුන් සමඟ පවතින සියලුම වෙළෙඳ කටයුතු අත්හිටුවන බවයි.

පසුගිය වසරේ දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 7ක් පමණ වුණා.

ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසන්නේ තුර්කි ජනාධිපතිවරයා ඒකාධිපතිවරයෙකු ලෙස ක්‍රියා කරන බවයි.

තුර්කි ජනතාවගේ සහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ද නොසලකා හරිමින් මෙම පියවර ගෙන ඇති බවට ඔහු චෝදනා කරනවා.

කෙසේ වෙතත් තුර්කිය පවසන්නේ ගාසා ජනතාවට ආධාර ලැබීමට ඉඩ සලසන තෙක් ඊශ්‍රායලය සමඟ වෙළෙඳ සබඳතාව නතර කිරීමේ තීරණය වෙනස් නොකරන බවයි.

The post තුර්කිය ඊශ්‍රායලය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවයි appeared first on ITN News.

Read More »

ඇමරිකා පොලිසියට චෝදනාවක්  

0 comments

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ගැටුම් පාලනය සඳහා පැමිණීමේදී ඇමරිකා පොලිසිය ප්‍රමාද වී කටයුතු කළ බවට චෝදනා එල්ල වනවා.

ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ප්‍රචණ්ඩත්වය පාලනය සඳහා පොලිසිය මැදිහත්වීමට ප්‍රමාද වූ බව කැලිෆෝනියා ආණ්ඩුකාර කාර්යාලය චෝදනා කරනවා.

ආණ්ඩුකාර ගේවින් නිව්සෝම්ගේ ප්‍රකාශකවරයා පවසා ඇත්තේ එම පහරදීම් පාලනය සඳහා සීමිත පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීම හා ඔවුන් පැමිණීමේදී සිදුවූ ප්‍රමාදය අනුමත නොකරන බවයි.

මුහුණු ආවරණය කරගෙන සිටි ඊශ්‍රායල හිතවාදී කණ්ඩායමක් විශ්වවිද්‍යාලයේ පලස්තීන හිතවාදී ශිෂ්‍ය කඳවුරකට අඟහරුවාදා රාත්‍රියේ පහර දුන්නා.

විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර තවත් පිරිසක්  අත්අඩංගුවට ගැනුණා.

The post ඇමරිකා පොලිසියට චෝදනාවක් appeared first on ITN News.

Read More »

චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් 24 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීනයේ ග්වාන්දොන්ග් පළාතට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්  කඳුකරයේ අධිවේගී මාර්ගයක කොටසක් නාය යාමට ලක්ව තිබෙනවා.

ඉන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධිවේගී මාර්ගයේ මීටර් 17.9 පමණ නාය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තිස් දෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.

වාහන 20ක් පමණ අනතුරට ලක්ව ඇති බවද සඳහන්.

The post චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් 24 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පැය 55ක් සම්මුඛ සාකච්ඡා පවත්වා තැබූ ගිනස් වාර්තාව  

0 comments

නයිජීරියාවේ යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ක්ලේරා චිසෝබා වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡා කිරීමේ ගිනස් වාර්තාව තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘ටෝක් ෂෝ‘ නමැති යූ ටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුනිළියන් ඇතුළු එරට ප්‍රකට පුද්ගලයන් 90 දෙනකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් එම වාර්තාව තැබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

සිය වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට, ඇඳුම් පැලඳුම් වෙනස් කිරීමට සහ ශරීර කෘත්‍ය සඳහා එම කාලය භාවිත කර ඇතැයි වැඩිදුරටත් සඳහන්

The post පැය 55ක් සම්මුඛ සාකච්ඡා පවත්වා තැබූ ගිනස් වාර්තාව appeared first on ITN News.

Read More »

වැස්ස නිසා කඩාවැටුණු බන්ධනාගාරයෙන් සිරකරුවෝ 118ක් පැනලා  

0 comments

නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම නයිජීරියාවේ බන්ධනාගාරයක කොටසක් කඩා වැටීමෙන් පසු එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත්තේ ඒ අතරින් බව යි සඳහන් වන්නේ

පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද, සෙසු සිරකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

The post වැස්ස නිසා කඩාවැටුණු බන්ධනාගාරයෙන් සිරකරුවෝ 118ක් පැනලා appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG