Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චන්ද්‍ර ගවේෂණයට චීනයෙන් ඓතිහාසික පියවරක්  

Add comments

චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ  සාම්පල  ලබා ගැනීම සඳහා චීනය Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කළා.

මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ මෙවැනි දියත් කිරීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Chang’e-6 අභ්‍යවකාශ යානය රැගත් Long March-5 රොකට්ටුව චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි දූපත් පළාතක් වන හයිනාන් වෙරළෙහි Wenchang අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධස්ථානයේ සිට පස්වරු 5:27 ට පමණ ගුවන් ගත කෙරිණ.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව (CNSA) ආසන්න වශයෙන් මිනිත්තු 37 කට පමණ පසු මෙම යානය රොකට්ටුවෙන් වෙන්ව සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී තිබෙනවා.

චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ සාම්පල එකතු කිරීම සහ ආපසු රැගෙන ඒම ‍ඓතිහාසික ජයග්‍රහණයකි.

මේ වනවිට අදාළ ප්‍රදේශය පිළිබඳ ඉතා අල්ප දත්ත ප්‍රමාණයක් පවතින බවත්, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, ඉන් විද්‍යාඥයින්ට වඩා ඵලදායී නිගමන ලබා ගැනීමේ අවකාශය පවතින බවත් චීන ඉංජිනේරු ඇකඩමියේ විද්‍යාඥයෙකු සහ චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන Wu Weiren මහතා පැවසීය.

එමෙන්ම එය සඳෙහි දුරස්ථ ප්‍රදේශයේ පරිසරය සහ ද්‍රව්‍යමය සංයුතිය අවබෝධ කර ගැනීමට ද ඉවහල් වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

The post චන්ද්‍ර ගවේෂණයට චීනයෙන් ඓතිහාසික පියවරක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG