May
16
ගාසා තීරයේදී ඊශ්‍රායල සොල්දුදාවන් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
වැරදීමකින් එල්ල කෙරුණු ඊශ්‍රායල යුද ටැංකි ප්‍රහාරයකට ලක්ව මෙම සෙබලුන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හමාස් සටන්කරුවන් සමඟ උතුරු ගාසා තීරයේ සටන් පවතිනවා.
ඊයේ දිනයේදී යුද ටැංකි මගින් හඳුනාගත් ප්‍රදේශයකට ඊශ්‍රායල හමුදා ෂෙල්වෙඩි දෙකක් එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් මිය ගිය ගොස් ඇත්තේ ඊශ්‍රායල සෙබලුන් වන අතර ඔවුන් 05 දෙනාම පැරෂුට් සෙබලුන් වනවා.
ප්‍රහාරයෙන් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ගාසා තීරයේදී ඊශ්‍රායල සොල්දුදාවන් 05 දෙනෙක් මියයයි appeared first on ITN News.
Post a Comment