ඉන්දුනීසියාවේ ආගුන් ගිනිකන්ද සක්‍රීයවීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ බාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොල නැවත විවෘතකර තිබෙනවා.
පසුගිය දින කිහිපයේ ගිනි කන්දෙන් දුම් හා අළු පිටවීම හේතුවෙන් පැවති අවදානම සමඟ ගුවන් තොටුපොල තාවකාලිකව වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. ගිනිකන්ද සක්‍රීයවීමත් සමග මාස හතක කාලයක් තුළ ගුවන් තොටුපොල වසා දැමූ දෙවන අවස්ථාව මෙයයි. එම කාලය තුළ ගුවන් ගමන් වාර 440 ක් අවලංගු කෙරුණු අතර ඉන් 207 ක් ජාත්‍යන්තර ගුවන් ගමන් වාර බව සදහන්. මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ බාලි දූපතේ සංචාරක කටයුතු වලට ද දැඩි බලපෑම් එල්ල වුණා.
Post a Comment