අද මානව ඉතිහාසයේ ඛේදවාචකයක් වෙනුවෙන් නම් කළ දිනයකි. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මානව ඉතිහාසය තුල ජීවිතයට ඇති අයිතිය පිළිබඳ හැමදාමත් අරගලයක් තිබිණි. අශිෂ්ට ගෝත්‍රික යුගයෙන් මිදී ශිෂ්ට සම්පන්න මිනිස් සමාජයක් බිහි කර ගැනීම දක්වා අදත් මානව වර්ගයා මේ අරගලයේ යෙදී සිටී. කෙනෙකුගේ ජීවිතයක් අහිමි කරන්න හෝ වේවා අතුරුදන් කරන්න හෝ වේවා තවකෙකුට අයිතියක් නැත. ඒ තබා සමාජ සම්මුතියකින් වුව එය සිදු කිරීම අශිෂ්ට බව අද පිළිගැනීමට ලක්ව තිබෙන්නකි. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයක් නම් කරමින් අතුරුදන් නොවී සිටීමට මිනිසෙකුට ඇති අයිතිය වෙනුවෙන් කටයුතු කිරීම ලෝක සම්මුතියක් දක්වා ගොඩ නැගෙමින් පවතී. මිනිසුන් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී ශ්‍රි ලංකාව ලොව ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත් විය. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ තරුණයන් 11 දෙනා අතුරුදන් කිරීම ආන්දෝලනාත්මක සිදුවීම් ලෙස කතා බහට ලක්වූවද ඒ කාලයේදී තවත් දස දහස් ගණනින් මිනිසුන් අතුරුදන්ව තිබිණි.
අද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා ඒ පිළිබඳ සෙවීම සිදු කරගෙන යනු ලබයි. එහෙත් ඊට එරෙහිව පසුගිය රාජපක්ෂ පාලනය හා එවකට සිටි ජාතිවාදී අශිෂ්ටයන් පමණක් කටයුතු කරමින් සිටියි. රාජපක්ෂ යුගයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට රාජපක්ෂලා කැමති නැත. මන්ද ඒවාට වගකිව යුත්තේ ඔවුන් නිසාය. රාජපක්ෂලා එදා සිදුකළේ මිනිසුන් අතුරුදන් කිරීම පමණක් නොවේ. නීතිය , යුක්තිය, සාධාරණය අතුරුදන් කළේය. මිනිස් නිදහස අතුරුදන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අතුරුදන් කළේය. ඒ ඔවුන්ගේ බඩගෝස්තරවාදී පැවැත්ම වෙනුවෙනි.
අද ඔවුන් එදා සොරා කෑ බිලියන ගණනින් වූ මුදල්ද අතුරුදන් කර තිබේ. වංචා දුෂණවලට අදාල ලියකියවිලි අතුරුදන් කර තිබේ. මිළදී ගත් දේපල ඉඩකඩම්වල සැබෑ අයිතිකරුවන් අතුරුදන් කර තිබේ. කොටින්ම රාජපක්ෂ පාලනයේ මජර අතීතයද ඔවුන්ගේ මතකයෙන් අතුරුදන් කර ඇත. දැන් රාජපක්ෂලා කතා කරන්නේ අලුත උපන් සුපේක්ෂල ශික්ෂාකාමී සුදනන් මෙන්ය. සමාජය හමුවේ පට්ට පල් බොරු දෙසා බාන්නේ ඔවුන්ගේ විලි ලැජ්ජාවද අතුරුදන් කරවමිනි.
ජන ඝාතක ම්ලේච්ඡ රාජපක්ෂ යුගයේ මජර දේශපාලන භාවිතාව මේ රටෙන් අතුරුදන් කරවීම නම් අද සිදුවිය යුතුව තිබෙන පුන්‍යකර්මයක්ම බව කිව යුතුය.
දැනට මේ ඇති.. සෙස්ස පස්සට.
Post a Comment