ස්ත්‍රී දුෂණ චෝදනා එල්ලවූ ඇමරිකානු විනිසුරු බේරට් කැවනෝ සම්බන්ධයෙන් එෆ් බී අයි පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බේරට් කැවනෝ පත්කළා. එභෙත් ඔහුට වසර ගණනාවකට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් තුන් දෙනෙකු චෝදනා එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් කරන ලෙසයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළේ. කෙසේවෙතත් බේරට් කැවනෝ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment