ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී මියගිය සිංහයින් දසදෙනෙකුගේ සිරුරු හමු වී තිබෙනවා. ගුජරාට් ප්‍රාන්තයේ ගිර් ජාතික වනෝද්යානයෙනුයි මෙම සිදුවීම වාර්තා වන්නේ. දින 18 ක් තුළ සිංහයින් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කරන්නේ එම සිංහයින් වකුගඩු හා අක්මාවේ ඇති වූ ආසාදන තත්ත්වයන් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි. සිංහයින් ආරක්ෂා කර ගැනීමේ ක්ෂණික පියවරක් ලෙස සිංහයින් 21 දෙනෙකු වෙනත් ආරක්ෂිත ස්ථානයක රැදවීමට වනෝද්‍යාන බලධාරීන් කටයුතු කළා. ගිර් වනෝද්‍යානය තුළ සිංහයින් පන්සිය තිස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සිටින බවයි වාර්තා වන්නේ.
Post a Comment