විදේශ මුදල් තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද අලුයම පැමිණි බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ. සැකකරු ළඟ තිබී ස්ටර්ලිං පවුම් , යුරෝ සහ සවුදි රියාල් යන මුදල් තොගයක් සොයාගැනීමට රේගු නිලධාරින් සමත් වුණා.
එම මුදල් තොගයේ වටිනාකම ශ්රී්ර ලංකා මුදලින් රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක්.
Post a Comment