බෝගවගා රැසකට හානි සිදුකරන සේනා දලඹුවා මර්දනයට කෘමිනාශක වර්ග 11 ක් නිර්දේශ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ තොරතුරු කෘෂිකර්ම උපදේශකවරුන්ගෙන් ලබාගන්නා ලෙසයි අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
සේනා නැමැති මෙම දලඹු විශේෂය අම්පාර, අනුරාධපුරය, කුරුණෑගල සහ ගල්ගමුව වැනි ප‍්‍රදේශ කිහිපයක පැතිර ගොස් තිබෙනවා.
වී, උක්, බඩඉරිගු සහ සෝගම් ඇතුලු රනිල බෝග වර්ග මෙන්ම එළවළු වැනි බෝග වර්ග සියයකට හානි සිදුකරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.
සමූහයක් ලෙස බෝග කාදමා විනාශ කරන බැවින් සේනා දලඹුවා ලෙස මෙම විශේෂය හදුන්වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Post a Comment