ඉන්දුනීසියා ගුවන් යානයේ අනතුරට හේතුව නියමුවාගේ නොසැලකිමත්කම බව හෙළිව තිබෙනවා.
යානය ගුවන් ගතකර සුලු වේලාවකින් නියමුවා ප්‍රධාන පාලක මැදිරියට දැනුම් දී ඇත්තේ යානයේ තාක්ෂණික ගැටලුවක් ඇති බැවින් එය වහා ගොඩබැස්වීමට පහසුකම් සළසන ලෙසයි. එහෙත් ඒ සමගම නියමුවා යළිත් පවසා ඇත්තේ සියල්ල නිවැරදි බවත් එය සාමාන්‍ය ලෙස පියාසර කරන බවයි.
ඒ අනුව යානය යළි හරවනවා වෙනුවට දිගටම ධාවනය කිරීමට කටයුතු කළද ටික වේලාවකින් යානය කඩා වැටී තිබෙනවා. මෙම අනතුරෙන් කාර්ය මණ්ඩලය ඇතුළු 189 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලයන් එයාර් සමාගමට අයත් බෝයිං 737 වර්ගයට අයත් මෙම යානය අනතුර පත්වූයේ පසුගිය සදුදායි. එහි කලුපෙට්ටිය ඊයේ සොයා ගැණුනා.
Post a Comment