Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමිල්නාඩු සරණාගත කදවුරුවල රැදී සිටි 83ක් යළි දිවයිනට  

Add comments

තමිල්නාඩු සරණාගත කදවුරුවල රැදී සිටි 83 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට පැමිණියා. යුද සමයේ මව්බිම අතහැර ගිය දෙමළ ජනතාවයි මෙසේ පැමිණියේ. එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලය ඔවුන් සදහා පහසුකම් සැලසුවා.

සියලුම ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සංහිදියාව ගොඩනැංවීමට අවශ්‍ය සෑම පියවරක්ම රජය ගෙන තිබෙනවා. ඒ අනුව යුද සමයේ රටහැර ගිය සියලුම පුරවැසියන්ට සිය රට බලා පැමිනීමට රජය විවෘත ආරාධනයක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙසයි   ස්වේජ්ඡාවෙන් සිය රට බලා පැමිණෙණ දෙමළ ජනතාව සදහා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පහසුකම් සැළසුවේ. එම කාර්යාලය මගින් ඔවුන් වෙත නොමිලේ ගුවන්ටිකට් පත්ද ලබා දුන්නා. තමිල්නාඩු කදවුරුවල සිටි දෙමළ ජනතාව එකලොස් දහසකට වැඩි පිරිසක් මේ වනවිටත් ශ්‍රි ලංකාවට පැමිණ තිබෙනවා. තවත් 3800කට වැඩි පිරිසක් යළි මව්බිමට පැමිණීමට කැමැත්ත පල කර ඇති බවයි සරණාගතයින් පිලිබද මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ. මෙසේ පැමිණෙන දෙමළ ජනතාව වවුනියාව,මන්නාරම, මාතලේ, මුලතිව්, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල යළි පදිංචි කිරීමට පියවර ගැනෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG