මධ්‍යම කඳුකරයට බලපා ඇති වියළි කාලගුණ හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම සැලකිය යුතු ආකාරයෙන් පහල බැස තිබෙනවා.
කාසල්රී ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි විසි දෙකක් දක්වා ජල මට්ටම පහල බැස ඇති බවයි ඉංජිනේරුවන් පවසන්නෙ. කාසල්රී ජලාශයෙන් විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය ජල විදුලි බලාගාර වලට ජලය සැපයෙනවා. මාවුස්සාකැලේ, කොත්මලේ සහ ඉහල කොත්මලේ ජලාශ වලද ජල මට්ටම පහල බැස ඇති බවයි වාර්තා වන්නෙ. ඒ හේතුවෙන් එම ජලාශ පෝෂක ප්‍රදේශ වලට කෘතිම වැසි ඇතිකිරිමේ ව්‍යාපාතිය මේ මාසය තුළ කි‍්‍රයාත්මක කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවස්නනෙ.
Post a Comment