තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොණු කළ පෙත්සම ලබන 07 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි පෙත්සම විභාගයට ගැනුණේ. පෞද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා දැනුම් දුන්නා. ඒ අනුවයි පෙත්සම සළකා බැලීම කල් තැබුණේ.
මේ අතර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි පරික්ෂණ අවසන් කර ඇති බැවින් ඔහුට එරෙහිව අධිකරණයේ චෝදනා ගොණු කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නා.
.
Post a Comment