Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රංශයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහල යයි  

Add comments

පවතින ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ කලාප හතරකට අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත්කර තිබෙනවා.

ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශයේ මේ වනවිට වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.1ක්. ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජයෙන්ද ඉහළ උෂ්ණත්වයක් වාර්තා වුණා. ඉදිරි දින කිහිපයේ දී මෙම උෂ්ණත්වය තවදුරටත් පවතිනු ඇති බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

මේ අතර අධික උෂ්ණත්වය හේතුවෙන් ස්පාඤ්ඤයේ කැටොලිනා හි ලැව්ගිනි හටගෙන තිබෙනවා. ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා ගිනි නිවන භටයින් 350 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. මේ වනවිට අක්කර දහසයදහසක පමණ ප්‍රමාණයකට ලැව් ගින්නෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

The post ප‍්‍රංශයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහල යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG