ගංවතුර පිලිබඳ අනාවැකි පළකර හැකි නව මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ලබන වසරේදී එහි මුලික කටයුතු ආරම්භ කරන බවයි ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නාමය වෙනස් කර එය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව නමින් නම්කිරීමට ද මෙම සංශෝධනයෙන් අපේක්ෂා කෙරෙනවා. විවාදය පස්වරුව වන තෙක් පැවැත්වීමටයි නියමිත.
The post ගංවතුර පිලිබඳ අනාවැකි පළකර හැකි නව මධ්‍යස්ථානයක් appeared first on ITN News.
Post a Comment