කොංගෝ රාජ්‍යයේ යළිත් පැතිරයන ඉබෝලා වෛරසය හේතුවෙන් ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අත්‍යවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කොංගෝ රාජ්‍යය ඇතුළු මධ්‍යම අප්‍රිකාවේ උගන්ඩාවෙන් ද ඉබෝලා වෛරසය වැළදුනු රෝගීන් මේ වනවිට වාර්තාවී තිබෙනවා. උගන්ඩාවේ ඉබෝලා වෛරසය වැළදුනු රෝගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙය එරට වාර්තා වූ ප්‍රථම ඉබෝලා වෛරසය හේතුවෙන් සිදුවූ මිය යාමයි.
කොංගෝ රාජ්‍යයේ පමණක් මෙම වෛරසය වැළදීම හේතුවෙන් පුද්ගලයින් 1400 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය එරට ඉතිහාසයේ ඉබෝලා වෛරසයෙන් මියගිය දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. කොංගෝ රාජ්‍යයට පසුගිය අගෝස්තු මාසයේ සිට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබුණා.
The post ඉබෝලා හේතුවෙන් ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අවශ්‍ය නෑ – WHO appeared first on ITN News.
Post a Comment