මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව මෙතෙක් පුනරුත්තාපනයට ලක් නොවූ පිරිස් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මේ වන විට වැඩි අවධානයක් යොමු කෙරෙනවා. මානව සම්පත් සංවර්ධන හා කළමණාකරණ පුහුනු ආයතන ශ්‍රවනාගාරයේදී පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවකදී මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කෙරුණා.
බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය යටතේ සේවය කරන පෞද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ බස්නැවතුම්පල සේවක මහතුන් සඳහා මෙම වැඩමුළුව පැවැත්වුණා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන පුද්ගල සමාජ සහ ආර්ථික ගැටළු පිලිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරින් මෙන්ම අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
The post මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන පුද්ගල සමාජ සහ ආර්ථික ගැටළු පිලිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් appeared first on ITN News.
Post a Comment