Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස්පළෙ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස පමණයි  

Add comments

උසස්පළෙ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අත්‍යවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණකය මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයන්ට ප්‍රවේශ වීම වැළැක්විය යුතුය යන්න ජනාධිපතිතුමාගේ යෝජනාව වූ බවයි. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද නිවේදනයේ සදහන්.  දීප ව්‍යාප්තව පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සදහා රුපියල් බිලියන පහමාරක මුදලක් වෙන් කර තිබුණා. එහිදී ජනාධිපතිතුමාගේ යෝජනාව වූයේ නියමු ව්‍යාපෘතියට මුදල් ලබා ගෙන ඉතිරි මුදල් පාසල්වල මේස පුටු ආදී සිසු උපකරණවල අඩුපාඩු සම්පූර්ණ කිරීමට යොදවන ලෙසයි. නියමු ව්‍යාපෘතියට කොතරම් මුදලක් අවශ්‍ය ද යන්න නිශ්චිතව සදහන්කළ යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව වුණා. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සදහා 2017 වසරේ කැදවන ලද ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියට අනුව වෙනස් විය යුතුයි. පාසල් දරුවන්ට නව තාක්ෂණය සමඟ දැනුම ලබා දීම අත්‍යවශ්‍ය වුවද ඔවුන්ගේ විනය හා මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය යුතුයි යන්න ජනාධිපතිතුමාගේ අදහස බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

 

The post උසස්පළෙ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස පමණයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG