Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ ශ‍්‍රමිකයන්ය ලබාදෙන පහසුකම් පුළුල් කිරීමට සැලසුම්  

Add comments

විදේශ රැකියාවට යොමුවන ශ‍්‍රමිකයන් සඳහා සුභ සාධන පහසුකම් පුළුල් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා.

පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය සහ නිවාස ණය පිළිබද මෙහිදී වැඩි අවධානය යොමු කෙරෙනවා. මහජන බැංකුව සමඟ එක්ව ලබාදෙන රුපියල් පනස් දහසක පෙර විගමණික ණය මුදල රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කරගැනීම අරමුණක්.

මීට අමතරව නිවාස ණය මුදල ද රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කරන බව ද කාර්යාංශය සඳහන් කළා. මෙම කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ මහජන බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

The post විදේශ ශ‍්‍රමිකයන්ය ලබාදෙන පහසුකම් පුළුල් කිරීමට සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG