විදුලි අර්බුදයට පිළියමක් ලෙස ඉදිකිරීමට නියමිත දැදුරු ඔය නව ජල විදුලි බලාගාරය සදහා මුල්ගල තැබීම සිදුකෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය එක්වයි මෙම ව්‍යාපෘතිය ක්රියාකත්මක කරන්නේ. මෙමගින් මෙගාවොට් එකයි දශම තුනක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීම අරමුණයි. ඒ තුළින් පවුල් දහසක පමණ විදුලි අවශ්‍යතාව සපුරාලිය හැකි අතර වාර්ෂිකව රුපියල් මිලියන 160 ක මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා.
ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 303 ක්.
The post දැදුරු ඔය නව ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment