ඉන්දියාවේ චන්ද්‍රයාන් දෙක යානය අද පස්වරුවේ අභ්‍යාවකාශගත කෙරෙනවා. ඒ මීට සතියකට පමණ පෙර යානය අභ්‍යාවකාශගත කිරීමට සැලසුම් කර තිබුණ ද මතුවූ තාක්ෂණික ද්‍යෝෂයක් හේතුවෙන් එය කල්දැමීමට සිදුවුණා.
ඒ අනුව අද පස්වරුවේ යානය යළි අභ්‍යාවකාශගත කිරීම සිදුකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. චන්ද්‍රයාගේ දක්ෂිණධ්රැවයට ගොඩබස්සවන පළමු අභ්‍යාවකාශ යානය ද මෙය වනු ඇති බවයි ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ. යානය කක්ෂගත කිරීම සාර්ථක වුවහොත් සඳ මතට යානයක් ගොඩබස්සවන හතර වන රට බවට ඉන්දියාව පත්වනවා.
The post ඉන්දියාවේ චන්ද්‍රයාන් දෙක යානය කක්ෂගත කිරීම පස්වරුවේ appeared first on ITN News.
Post a Comment