දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වය හෙට උදෑසන දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා වැඩි විය හැකි බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එම මුහුදු පදේශ විටින් විට ඉතා රළු විය හැකියි. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 3.5ක් දක්වා ඉහළ යාහැකියි.
The post කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ධීවරයන්ට සහ නාවිකයන්ට යළි දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment