ත්‍රස්තවාදය ඇති නොවීම සඳහා නව නීති ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 97 වන ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් සැමරුම් උත්සවය පැවැත්වුණේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදීයී. ඒ සමූපකාරය සුපසන් සේවයට යන තේමාවෙන්. කර්මාන්ත වානිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම , සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය උත්සවය සංවිධාන කළේ අමාත්‍ය බුද්ධික පතිරණ මතාගේ උපදෙස් මතයි.
මේ අතර ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව මාතොට සලු කොටුවේගොඩ ප්රදර්ශනාගාර වීවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ප්‍රදර්ශනය නවීකරණය කෙරුණා.
The post ත්‍රස්තවාදය මැඩලීම සඳහා නව නීති ගෙන එන බව අගමැති පවසයි appeared first on ITN News.
Post a Comment