චීනයෙන් ආනයනය කෙරෙන තවත් ඩොලර් බිලියන 300 ක භාණ්ඩ සඳහා සියයට 10 ක නව තීරු බද්දක් පැනවීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් තීරණය කර තිබෙනවා.
නව බද්ද සැප්තැම්බර් පළමු වෙනිදා සිට කි‍්‍රයාත්මක වන බවයි ඇමරිකා ජනාධිපතිවරයා නිවේදනය කළේ. ඒ හේතුවෙන් ඇමරිකා චීන වෙළෙද යුද්ධය තවදුරටත් උත්සන්න වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදුන්නා.
නව තීරු බදු ළමා ඇඳුම් මෙන්ම ස්මාර්ට් දුරකථන ඇතුලු භාණ්ඩ රැසක් සඳහා බලපැවැත්වෙනවා. මෙම සියයට 10 ක බද්ද ඉදිරියේදී සියයට 25 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
The post තවත් ඩොලර් බිලියන 300 ක චීන භාණ්ඩ සඳහා ඇමෙරිකාව නව තීරු බදු පනවයි appeared first on ITN News.
Post a Comment