ගාසා තීරයේ ආරක්ෂක මුර පොළකට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වුණා.
ඉන් නිලධාරින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. හමාස් සංවිධානයේ පාලනය යටතේ පවතින ප්රදේශයකයි ප්රහාරය සිදුව තිබෙන්නේ.
අයිඑස් ත්රස්වාදී සංවිධානය එහි වගකීම භාරගත්තා. සිද්ධියෙන් තවත් පලස්තීන ජාතිකයන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසා තීරයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට අතිරේක සෙබලුන් යොදවා ඇති බවයි පලස්තීනය පවසන්නේ.
The post ගාසා තීරයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වෙයි appeared first on ITN News.
Post a Comment