යේමනයට එල්ලකළ සෞදි ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා. ගුවන් ප්‍රහාර 6ක් යේමනයේ රැදවුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල කර තිබෙනවා.
එම නියමුවන් රහිත ගුවන් යානය විනාශ කර දැමීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හවුදි කැරලිකරුවන් යේමනයට එල්ලකරන සෞදි ගුවන් ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ලකරමින් සිටින බව සඳහන්. ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදය යේමනයේ පවතින සිවිල් ගැටුම් හේතුවෙන් උද්ගතවී ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ. යේමනයේ ජනගහනයෙන් 80%ක් වන මිලියන 24ක ජනතාවකට ආහාර ඖෂධ සහ නිවාස පහසුකම් නිසි ලෙස නොලැබෙන බව වාර්තාවනවා.
The post යේමනයට එල්ලකළ සෞදි ගුවන් ප්‍රහාරවලින් සිය දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment