ඉන්දියාව සමඟ කිසිසේත් යුද්ධයක් ආරම්භ නොකරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කළා. ඒ විශේෂ රැස්වීමක් අතරතුරයි. කාශ්මීරය හේතුවෙන් දෙරට අතර ගැටළු වර්ධනය වී තිබෙනවා. කෙසේ වෙතත් යුද්ධය කිසිඳු ගැටළුවකට විසදුමක් නොවන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඉන්දියාව සහ පාකිස්ථානය න්‍යෂ්ටික ආයුධ වලින් සමන්විත යුධ ශක්තියක් සහිත රටවල්. එවැනි අවස්ථාවකදී ගැටුම් ඇති වුව හොත් එය ජාත්‍යන්තර ගැටළුවක් බවට පත්වීමේ අවදානමක් ඇති බවයි ඉම්රාන් ඛාන් පවසන්නේ. කෙසේ වෙතත් සාමකාමී ක්‍රියාමාර්ග මඟින් ගැටළු විසදා ගැනිමට මුලිකත්වය ලබාදී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
The post පාකිස්ථාන අගමැතිගෙන් පොරොන්දුවක් appeared first on ITN News.
Post a Comment