ඉන්දියාවේ දිල්ලි නගරයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 200 ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේ. නගරයේ වෙළද සැල් රැසකටද අලාභ හානි සිදුව තිබෙනවා. ඉන්දියාවේ මතබේදයට තුඩු දී ඇති පුරවැසි පනත මෙම ගැටුම් වලට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
එම පනතට පක්ෂව සහ විපක්ෂව අදහස් දරණ ජන වර්ග දෙකක් අතර හටගෙන ඇති ගැටුම් පාලනය කිරීම සදහා එරට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරන බව විදෙස් වාර්තා පවසනවා.
The post ඉන්දියාවේ දිල්ලි නගරයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් 20 දෙනෙකු මරුට appeared first on ITN News.
Post a Comment