කොරෝනා වෛරසය රට තුළ පැතිරිම පාලනය සදහා තීන්දු රැසකට එළඹි බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.
ඒ ජාතික කි‍්‍රයාකාරි ආරක්ෂක කමිටුව හදිසියේ රැස්විමෙන් අනතුරුව. නිවාඩුගත කිරිම සඳහා මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් පූර්ණ පරික්ෂාවකට ලක් කිරිමත් ඊට අයත්. විශාල මගී නැව් වලින් පැමිණෙන සංචාරකයන් රට තුළට ඇතුළුවීම පාලනය කිරිම සදහා ද වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
විශේෂිත ආරක්ෂක මෙවලම් යොදා ගනිමින් ඔවුන් පරික්ෂා කරන බවයි අමාත්‍යවරිය සදහන් කළේ.
දියතලාව හමුදා කඳවුරු භූමියේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව තවත් මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කිරිමට සැලසුම් කර තිබෙනවා. ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් කැබිනට් මන්ඩලය දැනුවත් කර අවශ්‍ය තින්දු කි‍්‍රයාත්මක කරන බවයි අමාත්‍යවරිය සදහන් කළේ.
The post කොරෝනා වෛරසය රට තුළ පැතිරිම පාලනය සදහා තීන්දු රැසක් appeared first on ITN News.
Post a Comment