COVID-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ වාර්තා වූ ආසාදිතයින් ගණන 400 ඉක්මවා තිබෙනවා.
මේ වන විට යුරෝපා රටවල් රැසකම කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් සිටින බවට හඳුනාගෙන තිබෙනවා. මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීම සඳහා ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගෙවී ගිය පැය 24 ක කාලය තුළ ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 25%කින් ඉහළ ගොස් ඇති බවද සඳහන්. මේ වන විට ගෝලීය වශයෙන් COVID-19 වෛරසය රටවල් 40 කට පමණ ව්‍යාප්ත වී පවතිනවා.
The post ඉතාලියේ COVID-19 ආසාදිතයින් ගණන 400 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment